Colombo Today Local NewsUncategorized

ජපානයෙන් සෞඛ්‍ය සේවයට ත්‍යාගයක්

සෞඛ්‍ය අමාත්‍යංශයට ජපන් රජයේ ආධාර යටතේ අපේ රටේ සෞඛ්‍ය සේවාවේ ගිලන් රථ ඇතුළු ප්‍රවාහන කටයුතු සඳහා ඩීසල් මෙට්‍රික් ටොන් 40,000ක ප්‍රදානයක් ලබා දී ඇතැයි එම අමාත්‍යංශය නිවේදනය කර ඇත.

ඊයේ පෙබ. 19 එම ප්‍රදානය ජපාන තානාපති මිසුකොෂි හිදෙඅකි විසින් සෞඛ්‍ය ඇමති රමේෂ් පතිරණ වෙත කොළඹ වරායේ ඩොල්ෆින් ජැටිය පර්යන්තයේදී නිල වශයෙන් භාර දෙනු ලැබීම සිදුවිය.

එහි තවදුරටත් සඳහන් වන්නේ ජපාන රජයේ ඍජු අධීක්ෂණය යටතේ සිදුකරන මේ ප්‍රදානය සිපෙට්කෝ ආයතනය හා එක්ව ඉන්ධන බෙදාහැරීමේ කටයුතු ක්‍රියාවට නංවනු ලබන බවත් ය.

මේ ඉන්ධන තොගය සෞඛ්‍ය ආයතනවලට බෙදාහැරීමේ කටයුතු සඳහා ඉන්ධන කළමනාකරණ පද්ධතියක් නිර්මාණය කර ඇති අතර එම පද්ධතිය මගින් ඉන්ධන ලබාගත් වාහන, ලබාගත් ඉන්ධන ප්‍රමාණය සහ සෞඛ්‍ය ආයතන පිළිබඳ සියලු තොරතුරු දත්ත ඇතුළත් බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

Related posts

කොටි මෝම්බ 20ක් වාකනේරියෙන් හමු වෙයි

Admin

අභිමානවත් 72 වැනි නිදහස් දින සමරුව අද නිදහස් චතුරස‍්‍රයේදී

colombotoday

කෝටිපති කතක් නිවස තුල මරා දමලා

colombotoday

NGO මුදලින් යැපෙන රජයේ නිලධාරීන් ‘අලි ප්‍රශ්නයක් මවා’ දළදා පෙරහැර නැවැත්වීමේ කුමන්ත්‍රණයක !

colombotoday

රංජිත් මද්දුමබණ්ඩාරගේ වාරණ නියෝගය අධිකරණය ප්‍රතික්ෂේප කරයි

colombotoday

රටේ ඉතිහාසය වෙනස් කරන මැතිවරණය මෙයයි – සාගල

colombotoday