World

“ISIS ඉස්ලාම් රාජ්‍ය“ ලෝකෙටම තර්ජණයක් ! අපි වැඩේ ඉවර කරනවා – පූටින්

2006-gun_1456111i

රුසියානු ජනාධිපති ව්ලැදීමීර් පුටින් පසුගියදා ලෝකයේම ඇස් අරවන කතාවක් කළේය. එය THE GURDIAN පුවත්පත මුල් පෙළේ පුවතක් ලෙස මතුකර තිබුණේය.

“ඉස්ලාමීය රාජ්‍යයක් ලෙස IS සටන්කාමීන් මක්කම මදිනා නගරයේ පටන් ජෙරුසලම, යුරෝපය හා රුසියාව දක්වා දිවෙන්නක්. තත්වය බෙහෙවින් බියකරුයි. එපමනකින්ම නොනැවතී එය මධ්‍යම හා දකුණු ආසියාව පුරා ඇදී යනවා. ඒ නිසා කාගේත් අවධානය මේ සඳහා යොමු විය යුතුයි.”

ඔහු මෙසේ පැවසුවේ සිරියාවේ නායකයා බේරාගන්නට සිරියානු හමුදාවට යුද අවි හා උපදෙස් ලබාදෙන්නටත් එරට ගුවන් මෙහෙයුම් මධ්‍යස්ථානයක් ස්ථාපිත කිරීමක් යන කාරණා නිසා බටහිර බලවේග කලබලයට පත්ව සිටියදීය. එක්සත් ජනපද රාජ්‍ය ලේකම් John Kerry නිල වශයෙන් රුසියාවේ එම කි‍්‍රයා පිළිවෙත විවේචනය කර ඇති මොහොතක ව්ලැදිමීර් පුටින් මෙසේ කීවේ.

“IS ත‍්‍රස්තවාදීන් කාටත් අභියෝගයක් නිසා මමත් මගේ රාජ්‍යයත් ඔවුන් වනසා දමන සටනට උර දෙනවා. ඒක වැරැදියි කියන්නට කාටවත් පුළුවන්ද?” යන ප‍්‍රශ්නාර්ථය මතු කරමිනි. ඇමෙරිකාව ප‍්‍රමුඛ බි‍්‍රතාන්‍යයද සහිත බටහිර බලවේගවලට ඕනෑ වුණේ බෂාර් අලි අසාඩ් පලවා හැර හෝ විනාශ කර දමා එරට රූකඩ පාලකයෙකුට භාරදී තම තමන්ට ඕනෑ පාලනයක් ස්ථාපිත කර ගන්නටය. ඒ සඳහා විවිධ ක‍්‍රමෝපායන් කි‍්‍රයාත්මක කළ අතර, අසාඩ්ට එරෙහි සටන්කරුවන් “හමුදාවක්” බවට පත් කළේ එනිසාය. අවසානයේදී එම හමුදාව අතර සිටියවුන් හා IS සටන්කරුවන් එක්ව “සුන්නි මුස්ලිම්වරුන්ට පමණක් වූ ඉස්ලාම් දේශයක්” වෙනුවෙන් මහා විනාශයක් අරඹන්නේය.

ඇතැම්නු කියන්නේ මේක ඇමෙරිකාව කිරි පොවා හදාගත් පිරිසකගෙන් ප‍්‍රතිප‍්‍රහාර ලැබීමක්, විනාශයක් උදාකර ගැනීමක්” බවය. එහෙත් විනාශ වන්නේ සුන්නි හෝ ෂියා හෝ ආගම්වාදී කෝවක දමා සිරකළ සිරියා හා ඉරාක සිවිල් වැසියන්ය. ඔවුන් ඉස්ලාම් බව දන්නා මුත්, සුන්නි-ෂියා මරා ගැනීමක් හෝ මේ කියන IS රාජ්‍යයක් වෙනුවෙන් කැමැත්තෙන් පසු වූවන් නොවේ. එබැවින් සිරියාවේ නිර්මාණය කළ විනාශයෙන් ඇමෙරිකාන්-බි‍්‍රතාන්‍ය බලවේග එරටට ගොඩවැදී ඊළඟ පියවර වෙත යෑමද දැන් උභතෝකෝටික තත්වයකය. සිරියා නායක බෂාර් අල් අසාඩ් අත හරින්නේද නැත. සැබැවින්ම ඉරානයත්, රුසියාවත් වක‍්‍රව හෝ උදවු නොකළේ නම් මේ වනවිටත් බෂාර් අල් අසාඩ් විනාශ වී හමාරය. එහෙත් ඔහු තවමත් ජීවතුන් අතර සිටිමින් ප‍්‍රතිප‍්‍රහාර එල්ල කරන තැනකය.

2CFA9AF700000578-3255876-image-a-1_1443719190319තත්වය මෙසේ පෙළ ගැසෙද්දී ඉරානයට වඩා ඉදිරි පියවරක් තබමින් රුසියාව කිසියම් ඍජු ප‍්‍රතිපත්තියක පිහිටා මේ වන විට සිරියාවට ප‍්‍රවේශ වී IS සතුරන් වනසා දමන මෙහෙහුමට උරදී ඇත. මෙම තත්වය රුසියානු පාර්ශ්වයෙන් දැකගත යුතු නම් Russia Today හි පළවූ මෙම සටහන කියැවිය යුතුමය.

“අපි ඩැමස්කස් වෙත ගොස් තාක්ෂණික හා යුදමය මෙවලම්වලින් සහයෝගය දක්වනවා. එසේම අපි සෙසු රටවලටත් කියා සිටින්නේ මෙම උත්සාහයට එකතු වෙන්න කියලයි. ව්ලැදිමීර් පුටින් ලෝකයට ඇහෙන්නට කීවේ එහෙමයි. එසේම පුටින් ජනාධිපතිවරයා බෂාර් අල් අසාඞ්ට එරෙහි විරුද්ධ පක්ෂයටත් කියා සිටියේ ආණ්ඩුව හා එක්ව මේ උවදුර දුරු කරන්න කටයුතු කරන ලෙසයි. රජයට එරෙහි මේ ත‍්‍රස්ත කල්ලියට එරෙහිව කටයුතු කිරීම මේ මොහොතේ යුතුකමක් බවයි.”

ව්ලැදිමීර් පුටින් මීට පෙර කිසිදු දිනයෙක මෙසේ කීවේ නැත. අසාඞ්ට එරෙහිව සටන් වදින මිනී මරු IS ත‍්‍රස්තයන් වනසන්නට නම් සිරියා හමුදාවට සහ කුර්දි ආරක්ෂක සටන්කරුවන්ට ශක්තිය දිය යුතු බව ඔහු කීවේය. එය නවීකරණය කළ විපක්ෂ බලවේගයක් ලෙස එක්ව මේ අභියෝගය ජයගත යුතු බවත් ඔහු අදහස් කළේය.

“මැද පෙරදිග සෙසු රටවල්ද සිහියට ගන්න ඕනෑ මේ අනතුර සුළුපටු නොවේ. ඔබලාගේ සහායත් මේ ත‍්‍රස්ත මර්දන සටනට දුන්නා නම් IS මිනීමරුවන් වැනසීම පහසු වන්නක්.” බව පුටින් ජනාධිපතිවරයා පැවැසූ බව මැදපෙරදිග මාධ්‍ය කිහිපයක්ම වාර්තා කොට තිබුණේය. තත්වය මෙසේ පෙළගැසෙද්දී ඇමෙරිකානු පාර්ශ්වයේ ප‍්‍රතිචාරය ඉතා තදබල ප‍්‍රතිප‍්‍රහාර දෙන්නක් බවට පත් වූයේද නැත. එය සැබැවින්ම…

රුසියාව උදවු කරන්නේ IS ත‍්‍රස්තයන් වනසන්න නම් අපි කොහොමද එපැය කියන්නේ. උදවු දෙන්න එපා කියන්නේ. යන තැනට පත්වීමකි. මෙම තත්වය THE WASHINGTON POST පුවත්පත දැක්වූයේ මෙසේය.

“ඇමෙරිකානු හා රුසියානු ආරක්ෂක බලධාරීන් සිරියාවේ තත්වය පිළිබඳව කතිකා කරගන්නට ඉහළ පෙළේ හමුවකට සූදානමක් පවතින බව වාර්තා වේ. එක්සත් ජනපද ආරක්ෂක ලේකම් Ash Carter සහ රුසියානු ආරක්ෂක ඇමැති Sergei Shoign දුරකථනයෙන් මේ පිළිබඳව අදහස් හුවමාරු කරගත් බවට පෙන්ටගනය තහවුරු කොට ඇත. එහිදී දෙපාර්ශ්වය සිරියාවේදී කුමන ආකාරයකට මේ ත‍්‍රස්ත මර්දනයට දායකත්වය දිය යුතුද ඒ කුමන ස්ථානවලදීද යන්නත් සාකච්ඡා වී තිබේ. එහිදී රුසියානු සහ ඇමෙරිකානු හමුදාවන්ට එකිනෙක හානි නොවන ලෙස මෙය කළමනාකරණය විය යුතු බවත් සාකච්ඡුා වී ඇත.”

අලූත්ම තත්වය මෙය වුවත් මේ කියන ඇමෙරිකානු නම්‍යශීලී බව හා අලූත් තත්වය ගැන රුසියාවද සීරුවෙනි.

– මවුබිම

Related posts

සංගීත ප්‍රසංගයකදී වෙඩිතැබීමකින් දෙදෙනෙකු මරුට

Admin

චීනයෙන් ඉන්දුනීසියාවට අධිවේගී දුම්රියක්

Admin

සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුව අගමැති ධූරයට නම් කෙරේ

colombotoday

ඇමෙරිකාවේ තවත් පොලිස් වෙඩිතැබීමකින් Black Lives Matter විරෝධතාවලට සහාය දැක්වූ පුද්ගලයෙක් මරුට

colombotoday

බ්‍රිතාන්‍යයට එකඟතාවයකින් තොරව යුරෝපා සංගමයෙන් ඉවත්වීමට සිදුවෙන ලකුණු

colombotoday

“ඉස්ලාම් ත්‍රස්තවාදය අපට හිසරදයක්“ – ජර්මන් චාන්සලර්වරිය

colombotoday