Colombo Today Local News

පොලිස් ස්ථානාධිපතිවරු පත් කිරීමේ විධිමත් ක්‍රමවේදයක් නැහැ – පොලිස්පතිගෙන් වාර්තාවක්

පොලිස් ස්ථාන සඳහා ස්ථානාධිපතිවරුන් පත් කිරීමට අදාලව පොලිස් දෙපාර්තමේන්තුව සතුව නිශ්චිත, විධිමත් ක්‍රමවේදයක් නොමැති බව අනාවරණය වී තිබේ.

ඒ, පොලිස්පතිවරයා විසින් රාජ්‍ය සේවා කොමිසම වෙත යොමු කර ඇති වාර්තාවක් අනුවයි.

පොලිස්පතිවරයා අදාල වාර්තාව කොමිසම වෙත යොමු කර තිබෙන්නේ දිවයිනපුරා පොලිස් ස්ථාන 182 ක් සඳහා දේශපාලන නිර්දේශය මත ස්ථානාධිපතිවරුන් පත් කිරීම පිළිබඳව රාජ්‍ය ‍සේවා කොමිසම කර ඇති විමසිමට ප්‍රතිචාර ලෙසය.

‍ස්ථානාධිපතිවරුන් පත් කිරීම සඳහා නිශ්චිත විධිමත් ක්‍රමවේදයක් දෙපාර්තමේන්තුව සතුව නොමැති වීම හමුවේ විවිධ හේතු සහ බලපැම් මත ඇතැම් ස්ථානාධිපතිවරුන් පත් කිරීම සිදුවන බව පොලිස්පතිවරයා යොමු කර ඇති වාර්තාවෙන් පැහැදිලි බව බව රාජ්‍ය සේවා කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

ඒ අනුව, නිශ්චිත හා විධිමත් ක්‍රමවේදයක් සකස් කර එවන ලෙසට කොමිසම කළ දැනුම් දීම අනුව යෝජනාවක් පොලිස්පතිවරයා කොමිසම වෙත යොමු කර තිබේ.

රාජ්‍ය සේවා ‍කොමිසම සඳහන් කළේ පසුගිය සතියේ රැස්වූ සිය කොමිසම පොලිස්පතිවරයා විසින් යොමු කර ඇති අදාල යෝජනාව සලකා බැලීමට ලක් කළ බවයි.

ඊට අදාල සංශෝධන එක් කිරිමෙන් පසුව ස්ථානාධිපතිවරුන් පත් කිරීමේ නිශ්චිත සහ විදිමත් ක්‍රමවේදයක් පොලිස් දෙපාර්තමේන්තුව වෙත යොමු කිරීමට නියමිතව ඇතැයි එම කොමිසම පැවසුවේ ය.

මේ අතර පසුගියදා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් තිදෙනකු ස්ථාන මාරු කිරීම සම්බන්ධයෙන් සිය එකඟතාවය පල කිරිමට රාජ්‍ය ‍සේවා කොමිසම තීරණය කළ බව නිව්ස්ෆස්ට් කළ විමසිමකදි එම කොමිසමේ ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

Related posts

ගංවතුරෙන්, නාය යෑමෙන් පුද්ගලයන් 57ක් මරුට.. 70ක් අතුරුදන් !

colombotoday

ළමා ආරක්ෂණය පිළිබඳ කමිටු වාර්තාව ජනපතිට

Admin

ශ‍්‍රීලනිපය අද අනුරාධපුරයෙන් ගෝටාභයගේ වේදිකාවට ගොඩවේ

colombotoday

හමුදාව භාරයේ පවතින උතුරු නැගෙනහිර ඉඩම් නිදහස් කිරීම දෙසැම්බර් 31ට පෙර

colombotoday

ලොව සතුටින්ම සිටින රටවල් අතරින් ලංකාව තවදුරටත් පහලට ඇද වැටේ

colombotoday

නැවත දැනුම් දෙන තුරු දහම් පාසල් නොපවත්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යංශය දැනුම් දෙයි

colombotoday