Colombo Today Local News

පාස්කු ප්‍රහාරකයන්ට, මහබැංකු වංචා කරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා | ජනපති ජාතිය අමතමින් කියයි.

පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලු දෙනාට එරෙහිව නීතීය ක්‍රියාත්මක කරන බවත් ඒ පිළිබඳව සොයා නිසි ක්‍රියාමාර්ග ගැනීමට තමන් නීතිපති දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
මහබැංකු වංචාව සම්බන්ධව වගකිව යුතු පිරිස් සඳහා නීතීය ක්‍රියාවට නැංවීමට ද උපදෙස් ලබා දී ඇතැයි ජනාධිපතිවරයා කීවේය.

73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේදී ජාතිය අමතා කළ කතාවේදී ජනාධිපතිවරයා අද (04) මේ බව ප්‍රකාශ කළේය.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කිරීමට පත් කළ ජනාධිපති කොමිෂන් සභාවේ වාර්තාව මේ වන විට තමන්ට ලැබී ඇති බවත් එහි සඳහන් කරුණු සහ පාර්ලිමේන්තු ආංශික කමිටුවෙන් ලබාදී ඇති නිර්දේශ ද මෙහිදී තමාගේ අවධානයට යොමුවී ඇති බවත් එහිදී ජනාධිපතිවරයා සඳහන් කළේය.

Related posts

නිරූපමා රාජපක්ෂ රටින් යයි

colombotoday

බැඳුම්කර කොමිසමට විශේෂඥ දැනුමක් තිබුනේ නෑ – රාජිත සේනාරත්න

colombotoday

SI කුරුවිට කාන්තාවගේ ගෙළ කැපා මරා දැමු හේතුව හෙළිවෙයි

colombotoday

අස්ගිරි නාහිමියෝ සොව පලකරයි… රට වැසියන්ගෙන් ඉල්ලීමක්….

colombotoday

නාවලපිටියේ අය වැය වැඩි ඡන්ද 12කින් සම්මතයි

Admin

රූපවාහිණියට ඇතුලු වු තවත් අයෙක් අත්අඩංගුවට ගනී

colombotoday