Colombo Today Local News

පොලීසිය සහ සුරාබදු නිලධාරීන් විජේරාමේ ගිහාන්ස් අවන්හල වටලයි. | නිරෝධායන නීති උල්ලංඝනය කරමින් බොන්න දීලා.

නිරෝධායන නීති නොතකමින් පාරිභෝගිකයන්ට රෙස්ටුරන්ට් එක විවෘත කර මත්පැන් බීම සඳහා ලබා දුන් නුගේගොඩ විජේරාම ප්‍රදේශයේ පිහිටි “ගිහාන් ෆුඩ්ස්” අවන්හල අද(29) සවස සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් සහ පොලිස් නිලධාරීන් පිරිසක් වටලා තිබෙනවා.

බැංකුවක සේවකයන් පිරිසකට මෙලෙස අවන්හල විවෘත කර මත්පැන් අලෙවි කර අවන්හල තුල පානය කිරීමට දී ඇති බව දැනගන්නට ඇත. පොලීසියට සහ සුරාබදු දෙපාර්තමේන්තුවට මේ පිළිබඳව ලැබුණු පැමිණිලි මත නිලධාරීන් එම ස්ථානයට පැමිණෙන ඇත.

කෙසේ වෙතත් නිලධාරීන් පැමිණීමට මිනිත්තු කිහිපයකට පෙර අවන්හල තුල මත්පැන් පානය කරමින් සිටි පිරිස කලබලයෙන් එතනින් ඉවත්ව ගොස් ඇත.

Related posts

අපේ කීපදෙනෙක් මෛත්‍රීගෙන් ආපු කීපදෙනෙක් එක්ක එකතුවෙලා මහින්ද මහත්තයව බිමට ඇදල දැම්මා

colombotoday

උතුරට යනවානම් ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරය ගන්න වෙයි.. මැයි තුන සිට ක්‍රියාත්මකයි

colombotoday

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

colombotoday

කොරෝනා යැයි සැක තවත් පුද්ගලයෙක් IDH රෝහලෙන් පලා යයි

colombotoday

ඖෂධ අධිකාරියේ විධායක නිලධාරී වෛද්‍ය විජිත් ගුණසේකර නෙරපයි

Admin

කොළඹ කොටුවෙන් ගමන් අරඹන දුම්රිය ප්‍රමාදයි

Admin