Colombo Today Local News

මොහොමඩ් අලි සබ්‍රිගේ කාර්යාලය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට. | අවුරුදු දෙකට කොටි 41ක දැවැන්ත කුලියක් ජනතා බදු මුදලින්

ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ නැගෙනහිර කුලුනේ 20,21,22 මහල් හා බටහිර කුලුනේ 22 වන මහලේ වර්ග අඩි 35,000ක් 2021 ජනවාරි 01 සිට 2022 දෙසැම්බර් 31දක්වා මාසික කුලිය රු.169,65,093.00ක මුදලට කුලියට ලබා ගැනීම සදහා වන කැබිනට් පත්‍රිකාවට කිසිම විරුද්ධත්වයකින් තොරව කැබිනට් මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

එම දේපළ එසේ කුළියට ලබා ගැනීමට අදහස් කරන්නේ; අධිකරණ අමාත්‍ය මොහොමඩ් අලි සබ්‍රි මහතාගේ කාර්‍යාලය සහ අධිකරණ අමාත්‍යාංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයාම සඳහායි. ඒ සදහා රුපියල් කෝටි 41ක් ඉල්ලා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවටයි එම අනුමැතිය ලැබී තිබෙන්නේ.

ඒ අනුව වසර දෙකක් සඳහා රුපියල් මිලියන 400ක දැවැන්ත කුළියක් ගෙවමින් අධිකරණ අමාත්‍යාංශය ලබන වසරේ ජනවාරි මස සිට ලෝක වෙළඳ මධ්‍යස්ථාන කුලුනේ පිහිටුවීමට කටයුතු සූදානම් වෙමින් පවතී.

රට ගොඩනැගීමට වියදම් අඩුකරන වැඩපිලිවෙලක් ක්‍රියාත්මක කරන බව පැවසූ ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ආණ්ඩුව පුරවැසියන්ගේ බදු මුදල් යොදවා මෙතරම් දැවැන්ත කුළියක් ගෙවා පෞද්ගලික ගොඩනැගිල්ලකට අධිකරණ අමාත්‍යංශය ගෙනයාම මේ මොහොතේ ප්‍රමුඛතාවය දී කළ යුතු කටයුත්තක් දැයි? ජනතාව ප්‍රශ්න කරති.

Related posts

එජාප මංත්‍රී තිදෙනෙක් දිගටම සජිත්ට උදව් කරන්න මංගලගෙන් බාර් පර්මිට් ඉල්ලලා

colombotoday

සහරාන්ගේ කල්ලියේ තවත් තිදෙනෙක් අත්අඩංගුවට

colombotoday

පූර්ණ එන්නත්කරණයට ලක් නොවුවන්ට පොදු ස්ථානවලට ඇතුළු වීම සිමා කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

colombotoday

ලංකා දුම්කොළ සමාගමේ දුම්වැටි අලෙවිය අත්‍යවශ්‍ය සේවාවක්ද !

colombotoday

රාජ්‍ය ආයතන ලංවීමට කෝටි 250ක් පොලු තියලා

Admin

අහංගම මුහුදු වෙරළේ තරුණයෙකුගේ මළසිරුරක්

colombotoday