මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ජාතීන් අතර සංහිදියාව ඇතිකරන්නට දරන වෙහෙස නොබෙල් සාම ත්‍යාගය ලැබීමට පවා හේතු වියහැකි බව කඩුවෙල හිටපු නගරාධිපති ජී.එච් බුද්ධදාස මහතා පවසයි.
මහින්ද රාජපක්ෂ මහතා කළ යුත්තේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පෙරට ගෙන යාමට උදව් කිරීම මිස කකුලෙන් ඇදීම නොවන බවද බුද්ධදාස මහතා පෙන්වා දෙයි.
බලය අවභාවිත කළහැකි ලෙස සැකසුන ජේ ආර් ජයවර්ධනගේ ව්‍යවස්ථාව වෙනුවට වඩා ප්රජාතන්ත්රවාදී ව්‍යවස්ථාවක් සැකසීමට ජනාධිපතිවරයා දරන වෑයම අගය කරන ඔහු මහින්ද රාජපක්ෂ මහතා කළේ පවතින ව්‍යවස්ථාව තව තවත් තම බලය වැඩිකර ගැනීම සඳහා සංශෝධනය කිරීම බවද පවසයි.