Top StoriesWorld

ඉන්දු – පාකිස්තාන් යුද්ධය ඇරඹෙයි

ඉන්දීය සන්නද්ධ හමුදා පකිස්තානයේ සහ පකිස්තාන පාලනය යටතේ පවතින ජම්මු සහ කාශ්මීරයේ ස්ථාන 09කට පහර දෙමින් අද (07) අලුයම 1.44 ට මිසයිල් ප්‍රහාර එල්ල කර ඇති බව ඉන්දීය රජය නිවේදනයක් නිකුත්කර තිබේ.

පෙහෙල්ගාම් ත්‍රස්ත ප්‍රහාරයට පිළිතුරු ලෙස ඉන්දීය හමුදාව මෙම ප්‍රහාර මාලාව එල්ල කර ඇති අතර එම මෙහෙයුම සින්දූර් ලෙස නම් කර ඇත.

එහි වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ කාශ්මීර් පළාතේ ත්‍රස්තවාදී ඉලක්ක 9 ක් සදහා ප්‍රහාර එල්ල කල බවත් ඉන් පාකිස්තාන ජාතිකයන් 8 දෙනකු මියගොස් ඇති බවත්ය.

නමුත්, බදාදා එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවන් සහ අවුරුදු තුනක ගැහැණු ළමයෙකු ඇතුළුව පුද්ගලයින් අට දෙනෙකු මිය ගිය බවත්, ස්ථාන නවයක් ඉලක්ක කර ගනිමින් එල්ල වූ ප්‍රහාරවලින් 35 දෙනෙකු තුවාල ලැබූ බවත් පාකිස්තානය පවසා ඇත. එරට අගමැති ෂෙබාස් ෂරීෆ් එය “යුද ක්‍රියාවක්” ලෙස ද විස්තර කර ඇත.

පාකිස්ථාන හමුදාව පවසන්නේ ස්ථාන තුනකට පහර දුන් බවයි. අගමැති ෂෙබාස් ෂරීෆ් එය “බියගුළු ප්‍රහාරයක්” ලෙස හදුන්වා ඇත.

පාකිස්ථාන ආරක්ෂක අමාත්‍ය අසිෆ් ‘බ්ලූම්බර්ග්’ වෙත පවසා ඇත්තේ, ඉන්දියානු ගුවන් යානා පහක් වෙඩිතබා බිම දමා ඉන්දීය සොල්දාදුවන් අල්ලාගෙන ඇති බවයි.

“ආත්මාරක්ෂාව සඳහා” ඉන්දීය ගුවන් හමුදා ජෙට් යානා පහක් සහ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළූ බව පකිස්තානය පැවසූ බවත්, ප්‍රංශයේ නිෂ්පාදිත නවීන බහුකාර්ය ප්‍රහාරක යානා වන රෆේල් ජෙට් යානා මෙන්ම මිග්-29 සහ SU-30 ප්‍රහාරක යානයක් ද බිම හෙළන ලද ඒවා අතර වූ බවත් විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබේ.

කෙසේ වෙතත්, ඉන්දියානු පරිපාලනය යටතේ පවතින කාශ්මීරයේ වූයාන් ගම්මානයේ පාසල් ගොඩනැගිල්ලක් මතට හඳුනා නොගත් ප්‍රහාරක ගුවන් යානයක් කඩා වැටී ඇති බව ප්‍රදේශවාසියෙකු සහ රජයේ නිලධාරියෙකු විදෙස් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබේ.

ලෝක නායකයින් මෙම මෙහෙයුම පිළිබඳව කනස්සල්ල පළ කර ඇති අතර රටවල් දෙකම සංයමයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී. එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් “ඉන්දියාව සහ පාකිස්තානය අතර මිලිටරි ගැටුමක් ලෝකයට දරාගත නොහැකි” බවට අනතුරු අඟවා ඇති බවත්, එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව මෙම ගැටුම “සමීපව නිරීක්ෂණය” කරන බවට පැවසු බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

පසුගිය මාසයේ සිදු වූ සමූලඝාතනයෙන් පසු මුස්ලිම් බහුතරයක් වෙසෙන පාකිස්තානය සහ හින්දු බහුතරයක් වෙසෙන ඉන්දියාව විවෘත ගැටුමකට සමීප වී ඇති අතර, ජනප්‍රිය නිවාඩු ස්ථානයකදී තුවක්කුකරුවන් විසින් ඉන්දියානු සංචාරකයින් 25 දෙනෙකු ඝාතනය කරන ලද ප්‍රහාරයට ප්‍රතිචාර දැක්වීම සඳහා ඉන්දියාව මෙම ප්‍රහාරය නිකුත් කර ඇති බව එරට ආරංචි මාර්ග අනාවරණය කොට ඇත.

උග්‍ර ආතතීන් මධ්‍යයේ පාකිස්ථානය ලාහෝර් සහ කරච්චි හරහා ගුවන් අවකාශය ග්‍රිනිච් වේලාවෙන් 19:20 දක්වා වසාදමා ඇති බවද වාර්තා පල වෙයි.

ප්‍රහාරය පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව එල්ල කළ ප්‍රහාරය යුද ප්‍රකාශ කිරීමක් බවත් එයට ප්‍රතිචාර දැක්වීමට පාකිස්තානයට සම්පූර්ණ අයිතිය තිබෙන බවත්ය.

සටහන – සත්සරණී

Related posts

ජපානයේ තවත් ප්‍රාන්ත හතරකට හදිසි තත්ත්වයක්

colombotoday

ලෝක ජනගහනය බිලියන අට පසු කරයි… බිලියන අට වැනි බිලිඳිය පිලිපීනයේදී මෙලොව එළිය දකී

Admin

වට්ස්ඇප් ගිණුම් මිලියන දෙකක් අවහිර කරයි

colombotoday

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

ඔක්ස්ෆර්ඩ් උපාධිධාරි ඇෆ්ගනිස්ථානයේ හිටපු ඇමති දැන් ජර්මනියේ පීසා ඩිලිවරි කරයි.

colombotoday

මලික් ගෙතු බොරු සියල්ල මහින්දානන්ද එකින් එක දිගඅරියි.. මලික්ට කට උත්තරත් නැති වෙයි. Video

colombotoday