Colombo Today Local NewsPoliticsTop Stories

දිනුවත් බලය පිහිටුවීමේ අවුලක්! මාලිමාව අර්බුදයක?

පළාත් පාලන ඡන්ද විමසීමට අදාළව මේ වනවිට නිකුත්වී ඇති ප්‍රතිඵල වලට අනුව ජාතික ජන බලවේගය බහුතර ආසන සංඛ්‍යාවක් ඉදිරියෙන් සිටියද සභා පිහිටුවීමේදී කිසියම් අර්බුදකාරී තත්ත්වයකට පත්වෙනු ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පෙන්වා දී තිබේ.

මේ මොහොත වන විට පළාත් පාලන ආයතන සියල්ලේම ප්‍රතිඵල නිකුත්වී ඇති අතර ජාතික ජන බලවේගයට පැහැදිලි බහුතර ආසන සංඛ්‍යාවක් හිමිවී නොමැති පළාත් පාලන ආයතන බොහොමයක් වෙයි. තවත් පළාත් පාලන ආයතන රැසක විපක්ෂයේ දේශපාලන පක්ෂ සහ ජාතික ජන බලවේගය එක හා සමාන මට්ටමක පසුවෙයි.

කෙසේ නමුත් සෙසු පළාත් පාලන ආයතනවලට බහුතරය හිමිවී ඇත්තේ විපක්ෂයේ පක්ෂවලට වන අතර මෙවැනි තත්ත්වයක් තුළ සභා පිහිටුවීමේදී ගැටලුකාරී තත්ත්වයක් මතුවීමට ඇති ඉඩකඩ ඉහළ බව බලධාරීන්ගේ මතයයි.

නව මිශ්‍ර මැතිවරණ ක්‍රමය මැතිවරණ ප්‍රතිඵලය හා පක්ෂ කිහිපයක් අතර ජන්ද බෙදීයාම හේතුවෙන් කුඩා පක්ෂවලට වැඩි මන්ත්‍රී ධුර සංඛ්‍යාවක් හිමිවීම මේ තත්වයට හේතු වී ඇති බව දේශපාලන විශ්ලේෂකයින් පවසා ඇත.

යම්කිසි ප්‍රාදේශීය සභාවක, නගර සභාවක හෝ මහ නගර සභාවක මන්ත්‍රී ධුර සංඛ්‍යාවෙන් අඩකට වඩා ලබාගැනීමට කිසියම් පක්ෂයක් සමත් වුවහොත් ප්‍රාදේශීය සභාවේ සභාපති හෝ නගරාධිපති වැනි තනතුරු සඳහා පුද්ගලයන් නම් කිරීමේ බලය අදාළ පක්ෂයේ ලේකම්වරයාට හිමිවනු ඇත.

එලෙස බහුතර බලයක් නොමැති නම්, අදාළ පළාත් පාලන ආයතනයේ ප්‍රධාන තනතුර හිමිවනුයේ එහි මන්ත්‍රීවරුන්ගෙන් වැඩි දෙනා කැමැත්තක් දක්වන මන්ත්‍රීවරයාට හෝ මන්ත්‍රීවරියටයි.

පැවති මැතිවරණයේදී පළාත් පාලන ආයතන ජයග්‍රහණය කළ බොහෝ පක්ෂවලට බහුතර මන්ත්‍රී බලයක් නොමැතිවීම හේතුවෙන් එම ආයතනයේ බලය ලබාගැනීම පිණිස අනිකුත් පක්ෂ සමග සන්ධානගත වීමට එම පක්ෂවලට සිදුවනු ඇත.

එම නව මැතිවරණ ක්‍රමය හේතුවෙන් සභා පිහිටුවීමේදී ගැටලු රැසක් මතු වී ඇති බව නාමල් රාජපක්ෂ සහ හරීන් ප්‍රනාන්දු යන මන්ත්‍රීවරු මාධ්‍ය හමුවේ අදහස් ප්‍රකාශ කර ඇත.

මේ අතර, ජනාධිපති අනුර කුමාර දිසානායක මාධ්‍යට අදහස් දක්වමින් පවසා සිටියේ සිය පක්ෂය කිසිදු පක්ෂයකට බලය පිහිටුවීමට දායක නොවන බවයි.

එසේම, මේ වන විට පක්ෂවල අතිරේක ලැයිස්තුවලට මන්ත්‍රීවරුන් පත්කිරීම ගැන ද දැඩි ආන්දෝලනාත්මක තත්වයක් ඇති වී ඇති බව වාර්තා වේ.

කාන්තා නියෝජනය තහවුරු කිරීම හා කොට්ඨාස පරාජය වූ ප්‍රබල අපේක්ෂකයන්ට අවස්ථාව ලබාදීමට සිදුවී ඇති බැවින් ලැයිස්තු තෝරාගත යුතු පක්ෂවල ආසන සංවිධායකයන්ට දැඩි පීඩනයකට මුහුණ දීමට සිදුව ඇති බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

සටහන -සත්සරණී

Related posts

තැපෑල ඩිජිටල්කරණයට රාජ්‍ය – පෞද්ගලික ඒකාබද්ධ ව්‍යාපෘතියක්

Admin

පාස්කු වන්දි නඩු විමසීමට දින දෙයි

Admin

මින් පසු විභාග අයදුම්පත් ඔන්ලයින් ක්‍රමයට !

colombotoday

ක්‍රීඩා ඇමතිගේ රගර් ස්ථාවරකරණ කමිටුව ශ්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුව නොපිළිගනී

Admin

කිඹුලාවල STREET FOOD අලෙවිසැල් ගලවන්නැයි දැනුම්දීමක්

Admin

කෝටියක කුඩුත් එක්‌ක පකිස්‌තානු ජාතිකයා සුරාබදු දැලේ – අවුරුදු 17ක්‌ කුඩු විකුනලා

colombotoday