Colombo Today Local NewsTop Stories

මහින්දගේ විජේරාම නිවස ගැන බරපතල අනාවරණයක්!

සීමාසහිත ලංකා ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව විසින් පස්වැනි විධායක ජනාධිපති නිල නිවසේ අලුත්වැඩියා හා නවීකරණය කිරීමේ ව්‍යාපෘතිය සඳහා රුපියල් මිලියන 1,196.25ක් වටිනා ඉන්වොයිස් පත් නිකුත් කර තිබුණ ද මේ තුළ රුපියල් මිලියන 557.03ක වවුචර්පත් සාවද්‍ය ලෙස යොදා ඇති බවට ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කර ඇති විගණන වාර්තාවක් මගින් අනාවරණය කොට ගෙන ඇත.

මෙමගින් සමාගමෙහි විකුණුම් අගය ද වැඩි කර දක්වා ඇති බව විගණනය මගින් අනාවරණය කර තිබේ.

2021 ඔක්තෝබර් 26 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් මෙකී නිල නිවස අලුත්වැඩියා කිරීම සඳහා අනුමැතිය ලබා දී ඇති අතර අලුත්වැඩියා හා නඩත්තු කිරීමට අදාළව සමාගම විසින් රුපියල් මිලියන 639.22ක් වටිනා ඉන්වොයිස්පත් 2024 මැයි මස 14 වැනිදා වන විට නිකුත් කර අති බව වාර්තා වේ.

මෙම නිල නිවසේ නවීකරණ කටයුතු සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව, ගිවිසුම්ගතවීමක් නොමැතිව රුපියල් මිලියන 13.07ක මුදලක් ගෙවමින් ගෘහ නිර්මාණ ශිල්පීන් යොදා ගෙන ඇති බවටද බවට අන්තර්ජාල මාධ්‍ය වාර්තා කරයි.

ඔවුන්ගේ වාචික උපදෙස් මත ව්‍යාපෘතියට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට ඔවුන් විසින් නම්කරනු ලැබූ සැපයුම්කරුවන් 16 දෙනකුගෙන් තරගකාරී මිල කැඳවීමකින් තොරව සංස්ථාවේ ගැනුම් ඇනවුම මත මෙකී ව්‍යාපෘතියට භාණ්ඩ නිකුත් කර ඉන්වොයිස් කර තිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් වෙයි.

සටහන-සත්සරණී

Related posts

රුපියල වාර්තාගත ලෙස බාල්දු වෙයි… ඩොලරය 160 පසු කරයි

colombotoday

කොවිඩ් -19 වැළඳී මියගිය විදෙස්ගත ශ්‍රමිකයින් වෙනුවෙන් රක්ෂණ වන්දි

colombotoday

ගාලුමුවදොර විරෝධයේදී විනෝද වෙමින් සිටි පුද්ගලයකු මිය යයි

colombotoday

පිටින් ගෙනෙන රා උතුරේ විකිණීම තහනම්.. උතුරු පළාත් සභාව යෝජනාවක් සම්මතකරගනී

colombotoday

දිවයිනටම ඇඳිරිනීතිය කියා රටටම බොරු කියූ තරුණයා අත්අඩංගුවට

colombotoday

උදයංග වීරතුංගට ඇප

colombotoday