Top StoriesWorld

මොස්කව් අගනුවරට යුක්‍රේනයෙන් ඩ්‍රෝන ප්‍රහාරයක්!

යුක්‍රේනය අඛණ්ඩව දෙවැනි රාත්‍රියේදීත් මොස්කව් ඉලක්ක කර ගනිමින් ඩ්‍රෝන ප්‍රහාරයක් දියත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අගනුවර ප්‍රධාන ගුවන්තොටුපොළ හතරම ආරක්ෂාව සහතික කිරීම සඳහා පැය කිහිපයක් වසාදැමූ නමුත් පසුව නැවත විවෘත කළ බව රුසියාවේ ගුවන් සේවා නිරීක්ෂණ ආයතනයක් වන ‘රොසාවියැට්සියා’ පවසා තිබේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් මොස්කව් නගරාධිපති සර්ජි සොබියානින් සමාජ මාධ්‍ය ඔස්සේ පවසා ඇත්තේ අවම වශයෙන් යුක්‍රේන ඩ්‍රෝන යානා 19 ක් ‘විවිධ දිශාවලින්’ නගරයට ළඟාවීමට පෙර විනාශ කර ඇති බවයි.

සුන්බුන් කිහිපයක් නගරයට ඇතුළු වන ප්‍රධාන අධිවේගී මාර්ගයකට පතිත වී ඇති නමුත් කිසිදු ජීවිත හානියක් සිදුවී නොමැති බව ඔහු වැඩිදුරටත් සදහන් කර ඇත.

යුක්‍රේනය මේ සම්බන්ධයෙන් තවමත් අදහස් දක්වා නොමැති නමුත්, කාර්කිව් නගරාධිපතිවරයා පැවසුවේ රුසියාව එක රැයකින් නගරයට මෙන්ම කියෙව් ප්‍රදේශයටද ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර ඇති බවයි.

මොස්කව්හි මෙන්ම, පෙන්සා සහ වොරොනෙෂ් ඇතුළු අනෙකුත් රුසියානු නගරවල ආණ්ඩුකාරවරුන් ද අඟහරුවාදා වන විට ඩ්‍රෝන යානා ඔවුන්ගේ නගර ඉලක්ක කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව පවසා ඇත.

රුසියානු හමුදාවේ තහවුරු නොකළ වාර්තාවලින් පෙනී ගියේ මොස්කව්හි දකුණේ මහල් නිවාසයක ජනේල විනාශ වී ඇති බවයි.

එසේම, රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය ඔවුන් යුක්‍රේන ඩ්‍රෝන යානා 26 ක් එක රැයකින් විනාශ කළ බව වාර්තා කර ඇත.

රුසියාව යුක්‍රේනය පූර්ණ පරිමාණයෙන් ආක්‍රමණය කිරීමෙන් පසු, යුක්‍රේනය විසින් මොස්කව් වෙත ඩ්‍රෝන ප්‍රහාර කිහිපයක් දියත් කර ඇති අතර පසුගිය මාර්තු මාසයේ එහි විශාලතම ප්‍රහාරයෙන් පුද්ගලයන් තිදෙනකු මියගිය බව වාර්තා විය.

2022 පෙබරවාරි මාසයේදී දෙරට අතර ගැටුම් ආරම්භ වීමෙන් අනතුරුව රුසියානු අගනුවරට එල්ල කළ දරුණුතම ඩ්‍රෝන ප්‍රහාරය මෙය බව රුසියානු බලධාරීන් සඳහන් කර තිබේ.

සටහන – සත්සරණී

Related posts

“රොහින්ග්‍යා සරණාගතයන් අපට බාරගන්න බෑ.. ආපසු මියන්මාරයට ගෙන්වාගන්න” – බංග්ලාදේශ අගමැතිනිය

colombotoday

සුඩානයේ පැය 24ක සටන් විරාමය අසාර්ථක වෙයි

Admin

මුස්ලිම් රටවල් 6කට ඇමරිකාව තහනම් !

colombotoday

නොමිලේ හද වටේ රවුමක් යන්න 08දෙනෙකුට අවසථාව

colombotoday

ධුරයෙන් ඉවත්ව යන ට්‍රම්ප් කරන්න යන දේ.

colombotoday

පුද්ගලයන් 1,000ක් රැගත් බෝට්ටු දෙකක් මධ්‍යධරණී මුහුදේ දී අනතුරක

Admin