Colombo Today Local NewsPoliticsUncategorized

මැතිවරණ පරාජයෙන් පසු සජිත් ජාතිය අමතයි!

“ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකට එකතු කර ගත් ගමනකට නායකත්වය දෙනවා”

අපහාස, උපහාස, තර්ජන, ගර්ජන, මඩ ප්‍රහාර, කුමන්ත්‍රණ හා අභියෝග මැද සමගි ජන බලවේගය වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කර සහයෝගය ලබා දුන් ජනතාවට සිය ආචාරය පුද කර සිටින බවත්, අප රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් කිරීම වෙනුවෙන් ඉදිරියට පැමිණ මෙම මැතිවරණය ශක්තිමත් කිරීමට සහයෝගය ලබා දුන් සියලුම රටවැසියන්ට සිය ගෞරවය පුදකර සිටින බවත් විපක්ෂ නායකවරයා කියා සිටී.

මෑත කාලයේ ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී විශාල ජනවරම් දෙකක් ලබා ගත් රජය මාස 6ක් වැනි කෙටි කාලයක් තුළ අතිවිශාල පරිහානියකට, කඩාවැටීමකට ලක්ව ඇති බවත්, රටේ ජනතාව විසින් විපක්ෂයේ සියලු දෙනා එකට එකතු කරගෙන කටයුතු කරන ලෙසට පණිවිඩයක් ලබා දී ඇති බවත් කියා සිටින විපක්ෂ නායකවරයා ජනතා විමුක්ති පෙරමුණ මෙම පළාත් පාලන මැතිවරණය ක්‍රියාත්මක කළේ ජනාධිපතිවරණය ක්‍රියාත්මක කරන ආකාරයට බවත්, මොවුන් ආගම දහම පවා මැතිවරණය වෙනුවෙන් භාවිත කළ බවත් ප්‍රකාශ කොට සිටී.

අද (07) දින විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් මෙසේ අදහස් දක්වා සිටි විපක්ෂ නායකවරයා, රටේ ජනතාව මේ වන විට බොරුවට තිත තබා ඇති බවත් රටේ ජනතාව සත්‍යවාදී මහජන සේවාවක් අනුමත කර ඇති බව සහ බොරුවට තිත තබා බොරුව පරාජය කරමින් සත්‍යවාදී ශක්ති සම්පන්න මහජන සේවාවක් උදෙසා විපක්ෂයේ සියලුම බලවේග එකතු විය යුතු බවත් සිය ප්‍රකාශය තුළ වැඩිදුරටත් සඳහන් කර සිටී.

එසේම, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන පුද්ගලයන් ලෙස ජනමතයට හිස නමා විපක්ෂයේ සියලුම දෙනා එකට එකතු කරගෙන ජනතාව අපේක්ෂා කරන විශිෂ්ට ජනතා සේවාවක් විනිවිදභාවයෙන් යුක්තව ප්‍රතිපත්තිගරුකව ගෙන යන බවටත් එකමුතුභාවය හරහා රටේ ජනතාවට දැවැන්ත සේවාවක් ඉටු කරන බවටත්, ඒ වෙනුවෙන් සමගි ජන බලවේගය නායකත්වය ලබා දෙන බවටත් විපක්ෂ නායකවරයා වැඩි දුරටත් කියා සිටී.

ඔහුගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින්.

සටහන – මන්දාකිණි

Related posts

බස්නාහිර පාසල් වල වසර අවසාන වාර ඇගයීම් විභාගයේ හෙට විෂයන් කල් යයි

Admin

ගතවූ මාස 6තුළ කෝටි 2100ක විදේශ ආයෝජන ආපහු අරන් ගිහින්

colombotoday

සාලිය රණවක තායිලන්තයේ සිට තරුණයන් රවටා මුදල් වංචාවක

colombotoday

ප්‍රභූන් පිරිසක් කොරෝනා චීන එන්නතක් විද ගනී.

colombotoday

අහිරහස් ලෙස වෙඩි වැදී මියගිය STF නිලධාරියෙකුගේ සිරුරක් හමුවෙයි

colombotoday

අජිත් පී. පෙරේරා සහ සරත් ෆොන්සේකා එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවතට

colombotoday