Colombo Today Local News

ජනපතිගේ නහය යට ඉදන් ගහන ගැහිල්ලක් හෙළි වෙයි !

මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව කරුණු දක්වමින් පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් ජනාධිපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා වෙත ලිපියක් යොමු කර ඇත.

මෙහි දැක්වෙන්නේ එම ලිපියයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා
ජනාධිපති ලේකම් කාර්යාලය
කොළඔ 01.

ගරු ජනාධිපතිතුමනි,

මධ්‍යම පරිසර අධිකාරියේ දූෂණ හා අක්‍රමිකතා සම්බන්ධව.

2015 ජනවාරි 8 වනදා මෙරට ජනතාවට ඓතිහාසික දිනයක් ලෙස සනිටුහන් වූයේ එතෙක් අප රටේ පැවැති රාජ්‍ය දූෂණයට හා වංචාවට තිත තබන බවට පොරොන්දු වෙමින් අප රට තුළ යහපාලන ප්‍රතිපත්ති  මගින් මෛත්‍රී පාලනයක් ආරම්භ කිරීම සදහා වන මූලික අඩිතාලම ඔබතුමා විසින් දැමූ  නිසාය.

එහෙත් ජනතා බලාපොරොත්තු සුන් කරමින් අද වන විට අප රටේ රාජ්‍ය ආයතන තුළ දූෂණ හා අක්‍රමිකතා වෙනදාටත් වැඩියෙන් සිදුවන බව ඔබතුමාට ප්‍රකාශ කිරීමට ලැබීම පවා කණගාටුදායකය. එහෙත් ජාතික වැදගත් කමක් ලෙස සළකා මෙරට රාජ්‍ය ආයතන තුළ පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබදව ඔබතුමාගේ අවධානය යොමුකරන්නේ එම දූෂණ හා අක්‍රමිකතාවලට තිත තැබීම සදහා ඔබතුමා අවංක උත්සහයක් ගන්නා බව අප සංවිධානයට පැහැදිලිවම පෙනී යන නිසාය.

එහෙත් කණගාටුදායකම සිදුවීම වන්නේ ඔබතුමාගේ අමාත්‍යංශයේම පවතින දූෂණ හා අක්‍රමිකතා පිළිබදව ඔබතුමාට කරණු ඉදිරිපත් කිරීමට සිදුවීමය. කෙසේ වෙතත් අප ඉදිරිපත් කරන කරුණු පිළිබදව විධිමත් පරීක්ෂණයක් කර කඩිනම් ක්‍රියාමාර්ග ඔබතුමා ගනීවියැයි අප බලා පොරොත්තුවෙමු.

01.මධ්‍යම පරිසර අධිකාරියේ වර්තමාන නියෝජ්‍ය අධ්‍යක්ෂක (අපද්‍රව්‍ය හා කළමනාකරණ) නිළධාරියා පිළිබදව පහත සදහන් තොරතුරු ඔබතුමා වෙත සැපයීමට බලාපොරොත්තුවෙමු.

  1. 2006 මැයි මස 23 වන දින ඉංගීසි පුවත්පතක පළ කරන ලද දැන්වීමකට අනුව 2006 ජූලි 25 වන දින සිදුකරන ලද සම්මුඛ පරීක්ෂණයක් මගින් ඉහත සදහන් කරන ලද නිළධාරියා සේවයට බදවාගෙන තිබුණි.

B.එම තනතුර සදහා පිළිගත් විශ්ව විද්‍යාලයක උපාධිය සහිත සාමාන්‍ය පරිපාලන හා මූල්‍ය කළමනාකරණය පිළිබදව වසර 15 පළපුරුද්ද සහිත පශ්චාත් උපාධිය සහිත පුද්ගලයෙකු වුවද අදාල පුද්ගලයා එම සුදුසුකම් සපුරා නොමැත.

  1. එම නිළධාරියා සදහා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂක ජනරාල්වරයාගේ ඩී. එම්. එස්/සී/02/ඊ දරණ ලිපියට අනුව ආරම්භක වැටුප් තලයේ පිහිටුවිය යුතු බව දක්වා තිබුනත් එම උපදෙස්වලට පටහැනිය යමින් අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් එම වැටුප් ක්‍රමයේ ආරම්භක වැටුප රු. 27,230 නොව වැටුප් වර්ධක 7 ක් ඇතුලත් රු.33,985 වැටුපක පිහිටුවා තිබුනි.
  2. ඔහුට හිමිනොවන වැටුප් වර්ධන ඔහුට ගෙවීම නිසා රජයට වූ පාඩුව රුපියල් 1,619,200 කි. සාවද්‍ය ගෙවීම් සම්බන්ධයෙන් අදාල වැටුප් යලි අයකරගන්නා ලෙස විගණකාධිපතිවරයාගේ IEN /E/ CEA/ 01/16/25 දරණ විමසුමෙන් දන්වා තිබුනත් ඒ පිළිබදව නිසි ක්‍රීයාමාර්ග ගෙන නොමැත.
  3. 2014 ජනවාරි 23 දිනැති අංක 335 දරණ අධ්‍යක්ෂක මණ්ඩල තීරණ ප්‍රකාරව එවකට පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් (මානව සම්පත් පරිපාලන හා මුදල්) සේවයේ නියුතු හා මේවන විට නියෝජ්‍ය අධ්‍යක්ෂක ජනරාල් (අප ද්‍රව්‍ය කළමනාකරන) යථෝක්ත නිළධාරියා ඊට පසු ව්‍යාපෘති කළමණාකරු (සැලසුම් හා නිර්මාණ) තාවකාලික ලෙස පත්කල අතර එතරම් දීර්ඝ කාලයක් තාවකාලික ලෙස පත් කිරීමට නම් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගත යුතු වුවද අදාල අනුමැතිය ලබා ගෙන නැත.

F.වගකිම් සහිත තනතුරු දෙකක එකවිට රාජකාරී කිරීම තුළින් නියමිත රාජකාරී කිරීමට හැකිවෙයිද? යන්න ගැටලුවකි.

G.යථොක්ත නිළධාරියා  ඝන අපද්‍රව්‍ය බැහැර කිරීම් ව්‍යාපෘතියේ කළමනාකරු ව්‍යාපෘති  (සැලසුම් හා නිර්මාණ) තනතුරේ වසර 03 මාස 8 ක් කටයුතු කරමින් රුපියල් 1,726,667 ක් හා ඒ වෙනුවෙන් අර්ථසාධක අරමුදල් ලබා තිබුනද අදාල ව්‍යාපෘතිය තවම මූලික අදියරේ ඇත

  1. ආයතන සංගහයේ XXXIX ඡේදයේ 2.1 වගන්තිය අනුව රාජ්‍ය නිළධාරියෙකු විසින් මුල් පත්වීමේදී සෑම වර්ෂයකම ජුනි 30 වන දිනට පෙර නිළධාරියාගේ වත්කම් හා බැරකම් පිළිබදව වාර්තාවක් පොදු ආකෘතිය අනුව ඉදිරිපත් කල යුතු වුවද මෙම නිළධාරියා සිය වත්කම් හා බැරකම් වාර්තා ඉදිරිපත් කර නැත.
  2. මීට අමතරව මධ්‍යම පරිසර අධිකාරියේ නිළධාරීන් 130 දෙනෙකුට නියමිත ක්‍රමවේදයෙන් බැහැරව වැටුප් වර්ධක ලබා දී ඇත.

මේ අනුව මධ්‍යම පරිසර අධිකාරිය අති දූෂිත ආයතයක් බවට පත්ව ඇත. තවද නියමිත පරිපාටිය අනුගමනය නොකරන Ewast Recycling සමාගම් සදහා පරිසර සහතික නිකුත් කර ඇති අතර නියමිත පරිදි ව්‍යාපාර කරගෙන යන සමාගම් සදහා පරිසර සහතික නිකුත් කිරීමට විශාල කාලයක් වැය කරනු ලබයි.

ඒ අනුව අප සංවිධානය ඔබතුමාගෙන් ඉල්ලා සිටින්නේ

  1. අදාල නිළධාරියාගේ සේවය වහා අත්හිටුවා ඔහුගෙන් රජයට අයවිය යුතු මුදල් අය කර ගැනීම සදහා කටයුතු කරන ලෙස හා අවශ්‍ය නීතිමය කියාමාර්ග ගන්නා ලෙස.
  2. 2017 ඔක්තෝබර් මස 03 වන දින මධ්‍ය පරිසර අධිකාරිය මගින් ඝණ අප ද්‍රව්‍ය බැහැර කිරීමේ මධ්‍යස්ථාන 4 ක් සෑදිම සදහා අංක MMD&E/CEA/CSDFP/CIVIL/2016/01 දරණ අංකය යටතේ කැදවන ලද ටෙන්ඩර්ය ජාත්‍යන්තර පමිතියට අනුව සකසා නොමැති නිසා වහා අවලංගු කොට නැවත ටෙන්ඩර්කරන ලෙස
  3. Ewast Recycling සමාගම් සදහා පරිසර සහතික නිකුත් ලද සමාගම් පිළිබදව නැවත පරික්ෂා කරන ලෙසත් ඒ සදහා විධිමත් ක්‍රමවේදයක් සකස් කරන ලෙසත්

විගණාධිපති දෙපාර්තමේන්තුවේ 2017/09/19 දිනැති විමසීම් අංක IEN/E/CEA/01/17/14 දරණ විගණන විමසුම පිළිබදව ඔබ තුමාගේ කාරැණික අවධානයද යොමුකරමි.

මෙයට, විශ්වාසි

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Related posts

විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ගැනීම නවතයි

colombotoday

“අරගලය…. ඔව් ජාතිය වෙනුවෙන් මා කරනා අරගලය නතර කළ හැක්කේ, මා එල්ලා මැරීමෙන් පමණය….” ඥානසාර හිමි

colombotoday

අනුරුද්ධ සම්පායෝට එරෙහිව අධිචෝදනා ගොනු කෙරේ

colombotoday

පාසැල් එන සදුදා සිට විවෘතයි

colombotoday

සමනල අඩවිය සහ සෝමාවතිය පූජා නගර ලෙස නම් කර ජනපති මෛත්‍රී නික්ම යයි

colombotoday

යහපාලන ඇමතිලාගේ නකල්ස් ඉඩම් කොල්ලයට, පක්ෂ විපක්ෂ පුංචි මන්ත්‍රීවරු විරෝධය දක්වති

colombotoday