Colombo Today Local News

කුණු බැහැර කිරීම්වලට බාධා කරන අය අල්ලන්න පොලිස් මෙහෙයුමක්

පළාත් පාලන ආයතන විසින් තෝරා ගනු ලැබූ ස්ථානවලට කැළි කසළ බැහැර කිරීමේදී එම කටයුතුවලට බාධා කරන පිරිස් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් පොලිස් මූලස්ථානය විසින් ආරම්භ කර තිබේ.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නියෝග පරිදි මේ සම්බන්ධයෙන් අතිවිශේෂ ගැසට් පත්‍රයක්ද ඉකුත් 20 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන අයුරින් නිකුත් කෙරිණි.

විශේෂයෙන් මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමත් සමඟ කොළඹ මහ නගර සභා සීමාවේ එක්රැස්වන කුණු කසළ බැහැර කිරීමට තෝරාගෙන ඇති පිළියන්දල කරදියාන, මාලිගාවත්ත ආදී කසළ මධ්‍යස්ථානවලට නගර සභා සේවකයන් කසළ රැගෙන යෑමේදී ඊට බාධා පමුණුවන සහ ගැටුම්කාරී තත්ත්වයන් ඇති කරන පිරිස් පාලනයට පොලිසියට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද එම ප්‍රදේශයන්ට කැඳවා තිබේ.

Related posts

ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ජනපතිගෙන් අලුත් ගැසට් නිවේදනයක්

colombotoday

13 සම්පූර්ණ බලය අපට ඕන.. හමුදා නිලධාරියාට බැන්නෙත් 13 නොදුන් නිසා – නැගෙනහිර මහඇමති

colombotoday

කොරෝනා මඬින්න ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128 ක් ලංකාවට

colombotoday

පොදුජන පෙරමුණ ඉදිරි මැතිවරණයට තරග කරන බව මැතිවරණ කොමිසමට නිල වශයෙන් දැනුම් දෙයි…

colombotoday

පාස්කු ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිෂන් සභාවට සාක්ෂි දීමට ඥානසාර හිමි කැඳවයි

colombotoday

තිස්‌සගේ ඇප ඉල්ලීම ඉවතට

colombotoday