Colombo Today Local News

අන්ඳ ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට පැමිණි ගම්පොල උප නගරාධිපති ෆුර්කාන් අත්අඩංගුවට නොගැනීම: බස්නාහිර DIGට නොතීසි

ඇමතිවරයෙකුගේ නම භාවිතා කරමින් පසුගිය නොවැම්බර් මස 27 වන දින මැණික් ව්‍යාපාරිකයෙකුගේ නිවස බලෙන් අත්පත් කරගැනීමට ගිය බව චෝදනා එල්ලවී සිටින ගම්පොල උපනගරාධිපති මොහොමඩ් ෆුර්කාන් ඇතුළු පිරිස මෙතෙක් පොලීසිය විසින් අත්අඩංගුවට නොගැනීම හා ඒ පිළිබඳව විමර්ශන වාර්තා අධිකරණයට අදිරිපත් නොකිරීම සම්බන්ධව කරුණු දැක්වීමට බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට ජනවාරි මස 19 වන දින ගල්කිස්ස අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටින ලෙසට අතිරේක මහේස්ත්‍රාත් චන්දිම ලියනගේ මහතා ඊයේ (5) නොතීසි නිකුත් කළේය.

දෙහිවල අත්තිඩිය කවුඩාන ප්‍රදේශයේ පිහිටි රුපියල් කෝටි 25ක් පමණ වටිනා මෙම නිවසෙහි දෑස් නොපෙනෙන ව්‍යාපාරිකයා සහ ඔහුගේ බිරිඳ ජීවත් වෙති. ඔහුගෙන් වෙන්ව සිටින බිරිඳ ජීවත් වන්නේ මෙම නිවසෙහිම උඩු මහලෙහිය.

පසුගියදා වාහන කිහිපයකින් පැමිණි උප නගරාධිපති ෆුර්කාන් ඇතුළු පිරිස නිවෙස් හිමි ව්‍යාපාරිකයා එලියට ඇද දමා මෙම නිවස අත්පත්කර ගැනීමට උත්සහ දැරීම සම්බන්ධව ව්‍යාපාරිකයා විසින් දෙහිවල පොලීසියට පැමිණිල්ලක් දමා ඇතත් මේ වන තෙක්ම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නොහැකි වී ඇත්තේ දේශපාලන හා ඉහල පොලිස් නිලධාරීන්ගේ බලපෑමක් මේ සිදුවීම සම්බන්ධව ඇති නිසා දැයි සැකයක් මතු වී ඇති බව පැමිණිලිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් වන ගීත්‍ම ප්‍රනාන්දු සහ වරුණ ජයසිංහ යන මහත්වරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියහ.

බස්නාහිර පළාත් භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරනු ලබන්නේ දේශබන්දු තෙන්නකෝන් මහතාය.

මේ සිද්ධිය පිළිබඳව කරුණු දක්වමින් පැවැත්වූ මාධ්‍ය හමුව…

Related posts

එජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉල්ලා අස්වේ

colombotoday

ඉන්දියාවේදී ශ්‍රී ලංකාවට තොරතුරු තාක්ෂණ සම්මාන 7ක් !

colombotoday

බූස්ටර් මාත්‍රාව ලබාගත් පිරිස ලක්ෂ 58 ඉක්මවයි

colombotoday

මුල­තිව් කුරු­ඳු­මලේ විහා­ර භූමියෙන් ශිලා ලිපි­යක කොට­සක් සොයා ගනියි.

colombotoday

“එල්ටීටීඊකාරයකුට ටෙලිකොම් විකුණන්න යන්නේ”

Admin

“මහාචාර්ය සරත් විජේසූරියගේ ඔලුවේ අර්ශස්” ඇමති ඩිලාන් පෙරේරා

colombotoday