Colombo Today Local News

එඩ්වඩ් කුමරු සමග නිදහසේ 70 අභිමානයෙන් සමරන්න සියල්ල සූදානම්…

හැත්තෑවන නිදහස් සමරු උත්සවය “එකම දැයක්“ යන තේමාව යටතේ අභිමානයෙන් පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

ජනාධිපති ලේකම් කාර්යාලය හා අග්‍රාමාත්‍ය කාර්යාලය ඒකාබද්ධව නිදහස් උත්සවයේ කටයුතු සූදානම් කෙරෙමින් පවතින බවත් ඒ සදහා ආරාධිතයන් 3500කට පමණ ආරාධනා කර ඇති බවද අමාත්‍යවරයා කියා සිටී.

70 වන නිදහස් උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු වන එඩ්වඩ් කුමරු සහභාගී වන බවද අමාත්‍යවරයා කියා සිටියේය.

පෙබරවාරි 1 වැනිදා සිට 7 වන දා දක්වා සියළු නිවාස සහ ව්‍යාපාරික ස්ථානවල ජාතික කොඩිය ඔසවා තබන්නැයි ද අමාත්‍යවරයා ඉල්ලා සිටී.

Related posts

දකුණු වෙරළේ ඉන්න සීල් මත්ස්‍යා ආසන්නයට යන්න එපා – වනජීවී දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි

colombotoday

IOC ඉන්ධන මිල ඉහළට

colombotoday

මෛත්‍රීපාල ජනපති කරන්න ජවිපෙ සහයත් අපි ලබාගත්තා – මංගල කියයි

colombotoday

මෛත්‍රී-ගෝඨාභය ඝාතන කුමන්ත්‍රණය – තොරතුරු රැසක් මා සතුයි… හෙළි කරන්නන සූදානම් – පොලිස්පති

colombotoday

ගොඩබෑම අත්හිටවූ ලිට්‍රෝ නැවත තත්ව පරීක්ෂණයක් ඉල්ලයි

colombotoday

බීමතින් සිපගන්න හැදුවැයි උරණ වී මරා දාලා

Admin