Colombo Today Local News

යහපාලනය කියා බලයට ආවට මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නෑ.. – මල්වතු මහනාහිමියෝ පවසති

යහපාලනය කියා ගෙනාවත් මේ ආණ්ඩුවේ ඇති යහපාලනයක් නැති බවත් දැන් සිදු වන්නේ රටේ හැම දෙයක්ම විකිණීම බවත් මල්වතු මහා විහාර පාර්ශ්වයේ මහා නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල නාහිමියෝ පවසති.

උන්වහන්සේ මෙසේ පැවැසුවේ අමාත්‍යවරුන් දෙදෙනකුගේ ආශීර්වාදයෙන් නකල්ස් වනයේ අක්කර 22,000ක් පෞද්ගලික සමාගම්වලට පැවරීමට එරෙහිව “සුරකිමු ලංකා ජාතික ව්‍යාපාරය” උන්වහන්සේ දැනුවත් කිරීමට පැමිණි අවස්ථාවේදීය.

එහිදී උන්වහන්සේ මෙසේද පැවැසූහ.

“ගිය ආණ්ඩුව වගේම තමයි ඉතින් මේ ආණ්ඩුවත්. මේ ආණ්ඩුවත් දැන් ඔක්කොම විකුණන එක තමයි කරන්නේ. හන්තානත් විකුණලා ඉවරයිනේ. මේ ආණ්ඩුව කියලා කිව්වම මේ තීරණ ගන්න තැන්වල ජනාධිපතිතුම, ඉන්නවා නේද? ඇයි ජනාධිපතිතුමාට මේ තීරණ ගන්න බැරි? යහපාලනය කියලා ගෙනාවට මේකෙත් යහපාලනයක් නෑ. හැම දෙයක්ම විකුණන එක තමයි සිද්ධ වෙන්නේ” යැයිද පැවැසූහ.

Related posts

‘යුක්තිය මෙහෙයුම’ අද සිට යළි අරඹයි

Admin

ඇගිලි දෙකක් අහිමි වූ මහරගම පොලිස් ස්ථානාධිපති බැලීමට පොලිස් ඇමති රෝහලට

colombotoday

බිරිඳගේ අසභ්‍ය ඡායාරූපයක් නිසා කාර් රථයකින් යතුරුපැදි දෙකක් යට කර අයෙක් මහමග කපාකොටා මරයි

colombotoday

බ්‍රිගේඩියර් යළි සේවයට ගත්තා කියා මළ පනී.. කබීර් හෂීම්ගේ ලේකම් ජනපතිව පලු අරියි..

colombotoday

ශ්‍රීලනිප යේ මහ ලේකම් ධුරය යළිත් දයාසිරිට

Admin

එජාප – ශ්‍රීලනිප සම්මුති හවුල අවුරුදු පහකට දිග්ගැස්සෙයි !

colombotoday