Colombo Today Local News

වඳ සැත්කම් චෝදනාවට ලක්වූ වෛද්‍ය සාෆි සහබ්දින් හිඟ වැටුප් ද සමගින් නැවත සේවයේ පිහිටුවයි

ගැබිනි කාන්තාවන් දහසකට අධික සංඛ්‍යාවකට වද සැත්කම් කිරීමේ චෝදනාව යටතේ අනිවාර්‍ය නිවාඩු යවා තිබූ කුරුණෑගල මහ රෝහලේ වෛද්‍ය එස්.එස්.එස් සාෆි සහබ්දින් හට අනිවාර්‍ය නිවාඩු ගන්වා තිබූ කාලය තුළ ලැබිය යුතු ව තිබූ හිඟ වැටුප් ගෙවීමට කටයුතු කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් දන්වා තිබෙනවා.

කුරුණෑගල ශික්ෂණ රෝහල් අධ්‍යක්ෂවරයා වෙත ලිපියක් යොමු කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් දන්වා ඇත්තේ, ඔහු ආයතන සංග්‍රහයේ පටිපාටින් අනු ව නැවත සේවයේ පිහිටුවීමටත් කටයුතු කරන ලෙස යි.

පසුගිය සමයේ මහත් ආන්දෝලනයකට ලක් වූ මොහොමඩ් සාෆි සහබ්දින් වෛද්‍යවරයා මෙම චෝදනා හේතුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයන්ට පවා ලක් වුණා.

කෙසේවෙතත් මේ සම්බන්ධ ව පැවති අවසන් නඩු වාරයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණය හමුවේ දන්වා සිටියේ, වෛද්‍යවරයාට එරෙහි ව නැගෙන චෝදනා සනාත කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි නො මැති බව යි.

Related posts

“පාරවල්වල කුණු අදින්න හමුදාව දාන්න.. රාජපක්ෂලත් එහෙම කරා“ – රාජිත ජනපතිට කියයි

colombotoday

වියට්නාමයේ සහ ජපානයේ රැඳී සිටි ලාංකිකයින් පිරිසක් දිවයිනට

colombotoday

වැලිකඩ සිරදඩුවම් විදින රැඳවියන් 4ක් ධර්මාචාර්ය ඉහළින් සමත්

colombotoday

පුංචි පහේ හපනුන්ගේ ප්‍රතිඵල නිකුත් වෙයි

colombotoday

යාපනේට රජයේ ප්‍රකාශන කාර්යාංශයක්

colombotoday

වැලිගම පාසල් තුනක් වසා දමයි

colombotoday