Colombo Today Local News

ව්‍යාජ වෛද්‍යවරුන් හා මධ්‍යස්ථාන වැටලීමට කඩිනම් පියවර

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මෙරට තුළ සිටින ව්‍යාජ වෛද්‍යවරුන් සහ ව්‍යාජ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව කඩිනම් විමර්ශනයක් සිදුකිරීමට තීරණය කර තිබේ.

ව්‍යාජ වෛද්‍යවරුන් සහ වෛද්‍ය මධ්‍යස්ථාන පිළිබඳව ලැබී ඇති පැමිණිලි සැලකිල්ලට ගනිමින් මෙම පියවර ගෙන ඇති බව වාර්තා වන අතර වෛද්‍යවරුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සිදුකළ යුතු අතර පෞද්ගලික වෛද්‍ය ආයතන පළාත් මට්ටමින් ලියාපදිංචි කිරීම අනිවාර්යය කර තිබේ.

කෙසේවෙතත් එලෙස ලියාපදිංචි නොවූ වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන රැසක් දිවයින පුරා පවතින බවට පැමිණිලි ලැබී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පළාත් සහ දිස්ත්‍රික් සෞඛ්‍ය බලධාරීන් වෙත උපදෙස් ලබා දී තිබෙන්නේ එවැනි වෛද්‍යවරුන් සහ වෛද්‍ය ආයතන සොයා කඩිනමින් විමර්ශනයක් සිදුකරන ලෙසයි.

එවැනි ආයතන සහ වෛද්‍යවරුන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබා දී ඇත.

සුදුසුකම් සපුරා නොමැති ව්‍යාජ වෛද්‍යවරුන් පිළිබඳව තොරතුරු ලබාදීමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය මහජනතාවගෙන් ද ඉල්ලීමක් කර තිබේ.

Related posts

ඩුබායි මෙන්ම සිංගප්පූරුවේ වී වගා කරන්නේ නෑ. එත් ජනතාව බඩගින්නේ ඉන්නේ නැහැ.. ආහාර හිඟ වුණොත් තියෙන තැනකින් ගන්නවා

colombotoday

මුද්‍රා මකා අලෙවියට සුදානම්කර තිබූ කුණු බිත්තර ගබඩාවක් වටලයි

Admin

වැඩි පිරිසකට ප්‍රතිකාර කළ හැකි රෝහල් කඩිනමින් කොවිඩ් ප්‍රතිකාර සඳහා පවරා ගැනීමට තීරණයක්

colombotoday

විදුහල්පති මාරු කළාට මගීන්ට දඩුවම්.. හිස්බුල්ලා සිසුන් නුවර කුරුණෑගල මහ මග වසයි!

colombotoday

ඤාණසාර හිමියන් නිදහස් කරන තුරු භික්ෂූන්වහන්සේලා අඛණ්ඩ සත්‍යග්‍රහයක් අරඹති…

colombotoday

මුස්ලිම් මැති ඇමතිවරුන්ගෙන් ආණ්ඩුවට තර්ජනයක් !!

colombotoday