Colombo Today Local News

දඹුල්ල නගරාධිපතිගෙන් තවත් ගොබ්බ වැඩක්. | කොරෝනා රොගියෙකු සමග ෆොටො ෂුට් එකක් කරලා. | සේවකයෝ අණතුරේ

දඹුල්ල මහ නගර සභාවේ නගරාදිපති ජාලිය ඕපාත මහතා ඊයේ 22 නගර සභා බල ප්‍රදේශයේ කොරොනා ආසාධිතයකුගේ නිවසට ගොස් ෆේස්බූත් වෙනුවෙන් ෆොටෝ ෂුට් එකක් කර ඇති බව වාර්තා වෙයි. ඒ බව වඩාත් තහවුරු වුවේ නගරාධිපතිවරයාගේ ෆේස්බුක් ගිණුම නිරික්ෂණය කිරිමෙනි.

පසුගිය දිනක දඹුල්ල නගර සිමාවේ තිත්තවැල්ගොල්ල ගම් ප්‍රදේශයේන් හමු වු කෙරොනා රොගියෙකු ගේ නිවසට ගොස් ඔවුන්ගේ දුක සැප හොයන මුවාවෙන් නගරාධිපතිවරයා ෆොටෝ හා විඩියෝ ගෙන ඇති අතර ඉන් කීපයක් අන්තර් ජාලයට මුදා හැර ඇත.

මෙම ‍ෆොටෝ ගැනිම හා නගරාධිපතිවරයාගේ ක්‍රියා පිලිවෙලෙහි හාත්ස්‍ය උපදවන්නේ නගරාදිපති වරයා මෙම රොගියා වෙසෙන නිවසට යෑමට පෙර නගර සභාවේ සෞඛ්‍ය අංශ ලවා ආරක්ෂිත ඇදුම් කට්ටලයක් ගෙන්වාගෙන එය අදින අවස්ථාවේ සිට ගලවන අවස්ථාව දක්වාත් සපත්තුවේ සිට විෂබීජ හරණය කරමින් ඡයාරූප ගිනිමින් ගෙදර මිනිසුන්ගෙන් ප්‍රශ්ණ කරමින් විඩියොවත් අන්තර් ජාලයට මුදා හැරියද ? නගරාධිපති වරයා එකතු කරගෙන ගිය කිසිදු නගර සේවයෙකුට මාස්එක හැරෙන්න කිසිදු ආරක්ෂක ක්‍රමවේදයක් අනුගනය නොකර රොගියා සිටි නිවස පුරාම ඔබ බොබ යමින් ෆොටෝ වලට පෙනි සිට ඇත. මෙම අවස්ථාවට නගර සභා වෛද්‍යවරයා හෝ phi මහත්මයෙකු සම්බණ්ධ වි නැති අතර නගර සභාවේ සෞඛ්‍ය සේවකයින් හා කැමරා කරුවන් සම්බන්ධ කරගෙන ඇත.

මෙම සෞඛ්‍ය සේවකයින් දඹුල්ල ඩෙංගු අවධානමත් සමග ඩෙන්ගු මර්ධනය පිණිස ගත් පිරිස වන අතර කොරොනා මංර්ධනයට යොදාගනිමින් නිරොධායන දැන්විම් ඇලවිම හා රොගින් හදුනාගැනිම සිදු කරයි

කොරොනා ආරම්භක අවධියේ රටම ලොක් ඩවුන් කල විට බයිසිකල් රේස් එකක් පවත්වා කොරොනා නිතියට අභියෝග කල නගරාධිපති වරයාට අධිකරණයෙන් දැඩිව අවවාද කර ඇති අතර මේ අන්දමින් රාජ්‍ය දේපල සම්පත් භාවිතා කරමින් කොරොනා රොගියෙකු ගේ නිවසට නගර සේවකයෝ රැගන ගොස් ඔවුන්ව අණතුරෙ දැමිමත් මෙම සේවකයින් මගින් ඔවුනගේ නිවෙස් වලට මෙන්ම දඹුල්ල ආර්ථිකයේ වෙලදුන් හා කාර්ය මංඩල සේවකයින් පරික්ෂා කිරිම නිසා රටටම කොරොනා ව්‍යාප්තියක් ඇතිවිය හැකි බව දඹුල්ල ජනතාව පවසති.

කොරොනා සමයේ කැරම් ‍බොර්ඩ් එකක් අරන් ගිය එකෙකු එය ඔළුවේ තියාගෙන ගම පුරා ඇවිදවමින් දඩුවම් දෙන අතර මාස්ක් එක නැතිවුන් උස්සාගෙන ගොස් නඩු දමන රටක ගම්වල මිනිසුන්ට පෙන්න නගර සේවකයෝ අණතුරට ලක්කරමින් මේ අන්දමට ෆෝටෝ ගසමින් අන්තර් ජාලයට යොමු කිරිමට සේවකයින් අණතුරේ දා නගරාධිපති ආරක්ෂක පිලිවෙලක් අනුගමනය කිරිම හතුරන්ගෙන් ආරක්ෂා වෙන්න ඔළුව හංගන පැස්බරාගේ ආරක්ෂිත ක්‍රමය වගේ යැයි දඹුල්ලේ මධ්‍යෂ්ත පුරවැසියන් පවසති.

වාර්තාවන අන්දමට පසුගිය දිනක දින කිපය පුරාම දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙන් කොරොනා රොගින් විශාල ලෙසින් හමු වු අතර අප්‍රේල් මාසයේ 30 සිට මැයි 20 දක්වා දඹුල්ල පොලිස් බල ප්‍රදේශය හුදලා කොට සංචරණ හීමා පනවා තිබිණි

දඹුල්ල නගර සභා බල ප්‍රදේශයෙ වසම් 13න් පමණක් රොගින් 454ක් මේවන විට සොයා ගෙන ඇති අතර අප්‍රේල් 22න් පසු දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේන් නිල වාර්තා අනුව රොගින් 308 දෙනෙකු සොයාගෙන ඇති අතර මරණ තුනක් සිදු වි ඇත…

මෙවැනි තත්වයක් යටතේ නගරාදිපතිවරයාගේ මෙම ක්‍රියාව අනුමත නොකර ඔවුන්ට විරුද්ධව කොරොනා නිතියෙන් පියවර ගනිදැයි ජනතාව අවධානයෙන් සිටිති.

මහින්ද උදයසිරි දඹුල්ල

Related posts

නරඹන්නන් වට කරගෙන තිදෙනෙක්‌ දියේ ගිලෙද්දී ජිවිතය නොතකා ඔවුන්ගේ ජිවිතය බේරුවේ ඔහුය

colombotoday

අමරපුර මහා නිකායේ උත්තරීතර මහා නාහිමියන්ට පදවි සන්නස්පත්‍රය පිරිනැමේ (Photo)

colombotoday

අටලුගමදී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් තවත් 4ක් අත්අඩංගුවට

colombotoday

සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු තැපැල් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත දෛනික ආදායමක්

colombotoday

අරගල කරුවෝ ආධාර මුදල් තරගෙට කොල්ලකති. සන්නස්ගල එලිපිට බැණවදී. | රැට්ටෝ කුරුට්ටෝ බට්ටෝ අප්පොච්චිට චෝදනා.

colombotoday

“අපේ පාක්ශිකයන් හොය හොයා රස්සා දෙනවා” නවීන්ගේ ප්‍රකාශයට රැකියා නැති උපාධිධාරීන්ගේ විරෝධය

colombotoday