Colombo Today Local News

ප්‍රදේශ කිහිපයකට මිලිමීටර් 100ට වැඩි තද වැසි

අද (24) සිට දින තුනක් දිවයිනේ ප්‍රදේශ රැසකට මිලිමීටර් 150 ඉක්මවු තද වැසි අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඊසාන දිග බෙංගාල බොක්ක ආශ්‍රිතව මුහුදු ප්‍රදේශයේ පවතින පීඩන අවපාතය හේතුවෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ දකුණු යන පළාත්වලට අද දිනයේ මිලිමීටර් සියයට වැඩි වර්ෂාපතනයක් අපෙක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

එමෙන්ම දිවයින හරහා හමන සුළං තත්ත්වයේ වැඩිවීමක් ද බලාපොරොත්තු වන බව පෙන්වා දෙයි.

හෙට (25) සහ අනිද්දා (26) යන දෙදින තුළ එම පළාත්වලට මිලිමීටර් 150 ඉක්මවු ඉතා තද වැසි අපේක්ෂා කෙරේ.

වයඹ පළාතට ද තරමක තද වැසි ඇතිවිය හැකි අතර සෙසු පළාත්වලද වැසිවාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

Related posts

ජනපති ජාත්‍යන්තරයට දුන් පොරොන්දු ගැන සුමන්තිරන් සිහි කැදවයි…

colombotoday

ජීවිත අවදානම තවමත් එළෙසමයි.. හමුදා ආරක්ෂාව ඉවත් කරන්න එපා

colombotoday

වෘත්තිකයන් රට හැරයාමේ ප්‍රවණතාවය ගැන මැතිසබා විවාදයක්

Admin

2011 ක්‍රිකට් තරග පවාදීමේ චෝදනාව: කුමාර් සංගක්කාරට කැඳවීමක්

colombotoday

කෙටි නිහැඩියාවකට පසු බොදු බලේ අද යලිත් වැඩ අල්ලයි

colombotoday

ජනපතිවරණයේ වියදම රු කෝටි 450යි

colombotoday