Covid 19

මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දින වාර්තා වෙයි.

ශ්‍රී ලංකාවෙන් ඉකුත් 24 පැයේ කොවිඩ් ආසාදිතයින් 997 දෙනකු වාර්තා වූ බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාලය නිකුත් කළ දෛනික වාර්තාවේ දැක්වේ.

එය මෙරටින් දිනකදී වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස ද සැලකේ.

මේ වන විට මෙරටින් වාර්තා වූ ආසාදිතයින් සංඛ්‍යාව 102,376ක් දක්වා ඉහළ ගොස් ඇති අතර ඉන් 94,577 දෙනකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇතැයි ද එම වාර්තාවේ සඳහන්ය.

ආසාදිතයින් 7,152 දෙනෙක් මේ වන විටත් රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටිති.

මේ වන විට ‍ මෙරටින් වාර්තා වී ඇති කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව 647 කි.

Related posts

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව පහළොස්දහස ඉක්මවයි

colombotoday

රිමාන්ඩ් බන්ධනාගාරයේ රැඳවියන් 12කට කොරෝනා

colombotoday

බෝගම්බර රැඳවියෝ 211කින් 104ට කොරෝනා

colombotoday

මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ තවත් සේවකයින් 124කට කොරෝනා

colombotoday

අද දැනට කොවිඩ් ආසාදිතයන් 559ක්

colombotoday

ඕමානයේ සහ මාලදිවයිනේ සිට පැමිණි සිව් දෙනෙකුට කොරෝනා

colombotoday