Colombo Today Local News

ගැබිණියන්ට නිවසේ සිට සේවයට අවසර ලබාදෙමින් අලුත් චක්‍රලේඛයක්

කොවිඩ් අවදානම සැලකිල්ලට ගෙන රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානියාගේ අභිමතය පරිදි මුර දෙකකට සේවයට කැඳවීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණු සාකච්ඡාවකදී තීරණය කෙරුණු බව ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා පාර්ලිමේන්තුවේදී අද පැවැසීය.

මෙයට අමතරව රාජ්‍ය සේවයේ නිරතව සිටින ගැබිනි සේවිකාවන්ට නිවසේ සිට රාජකාරිය කිරීම සඳහා අවස්ථාව සලසා දීමටද එහිදී තීරණය කෙරුණු බව හෙතෙම සඳහන් කළේය.

ජයසුමන මහතා මෙසේ පැවැසුවේ කොරෝනා මර්දන කටයුතු සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයට අතිරේක මුදල් ප්‍රතිපාදන වෙන් කිරීම සඳහා ඉදිරිපත් කෙරුණු පරිපූරක ඇස්තමේන්තුව පිළිබඳ විවාදයේදීය.

මෙම තීරණ වලට අදාල චක්‍රලේඛ රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා විසින් අද හෙටම නිකුත් කෙරෙනු ඇතැයිද ඔහු සඳහන් කළේය.

මේ අනුව රාජ්‍ය සේවකයන් ආයතන ප්‍රධානීන්ගේ අභිමතය පරිදි සඳුදා අඟහරුවාදා, බදාදා සහ බ්‍රහස්පතින්දා සිකුරාදා සෙනසුරාදා වශයෙන් මුර දෙකකට සේවයට කැඳවීමට පියවර ගැනෙනු ඇතැයි පැවසූ චන්න ජයසුමන මහතා සෞඛ්‍ය නිර්දේශ නිසියාකාරව ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සඳහා සෑම ආයතනයකම නිසි බලධාරියකු බැගින් පත් කිරීමටද එහිදී තීරණය කෙරුණු බව පැවසුවේය.

රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා එම කටයුතු සිදු කරනු ඇතැයිද හෙතෙම ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ වයස 18ට වැඩි සියලු දෙනාට කොවිඩ් මර්දන එන්නත කඩිනමින් ලබාදීමටද මෙහිදී තීරණය කෙරුණු බවත් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් ඉන්දියාවෙන් සහ සිංගප්පූරුවෙන් මිලදී ගැනීමට කටයුතු කරගෙන යන බවත් මහාචාර්යවරයා කීවේය.

කොවිඩ් පැතිරීම නිසා මිනිසුන් රෝහල්වල මැරී වැටෙන තත්වයක් ඇතිවී ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. විශාල ව්‍යසනකාරී තත්ත්වයක් මතුවී ඇති අවස්ථාවක උද්ඝෝෂණ පැවැත්වීම සුදුසු නැති බවත් උද්ඝෝෂණ නවත්වා රජයේ කොරෝනා පාලන වැඩපිළිවෙළට සහාය දක්වන්නැයි තමා සියලු ගුරුවරුන්ගෙන් ආයාචනාත්මකව ඉල්ලා සිටින බවත් ජයසුමන මහතා පැවැසුවේය . මංගල උත්සව සහ මූව ආවරණ ඉවත් කර එකට ආහාර ගැනීම වැනි කටයුතු කොවිඩ් පැතිරීමට ප්‍රධාන වශයෙන් හේතු වී ඇති බව සෞඛ්‍ය අංශ සොයා ගෙන ඇති බවත් මේ තත්ත්වය නිසා එවැනි ක්‍රියාකාරකම් ගැන වඩාත් සැලකිලිමත් වීමට සිදුවන බවත් හෙතෙම ප්‍රකාශ කළේය. සියළුම රාජ්‍ය සේවකයන් පසුගිය (2)වැනිදා සදුදා සිට රාජකාරිය සඳහා කැඳවනු ලැබීය

Related posts

භාණ්ඩාගාරය හිස්.. කෝටි 400ක් හොයන්න, ගස් ලක්ෂ දෙකහමාරක් කපා විකුණයි

colombotoday

සැකකටයුතු ලෙස ගිනිගත් යතුරුපැදියක්

Admin

නාගනන්ද කොඩිතුවක්කු ශ්‍රේෂ්ඨාධිකරණයේදී වීරත්වයෙන් සිදුකල විශේෂ ප්‍රකාශය මෙන්න

colombotoday

වැලිකන්ද මුතුවැල්ලේ දී බසයක් පෙරැලී 30ක් රෝහලේ…

Admin

පාර්ලිමේන්තුවට ප්‍රහාරයක් එල්ල කරනවා කියා ඇමතුම් දුන් මොහොමඩ් අත්අඩංගුවට

colombotoday

ගෑස් අනතුරු ගැන වහා පරීක්ෂණයක් කරන්නැයි එක්සත් ජාතික ස්වයං රැකියා සම්මේලනයෙන් පැමිණිල්ලක්

colombotoday