World

CIA හොර වැඩ විකිලීක්ස් හෙළි කරයි

ඇමෙරිකා එක්සත් ජනපදයේ සී.අයි.ඒ සංවිධානයේ රහසිගත තොරතුරු රැසක් අනාවරණය කිරීමටත් විද්‍යුත් උපාංගවලට පිවිස තොරතුරු ලබාගැනීම සඳහා එම සංවිධානය යොදාගත් ක්‍රමවේද රැසක් අනාවරණය කිරීමටත් විකිලීක්ස් වෙබ් අඩවිය කටයුතු කර ඇත. මෙම රහසිගත තොරතුරු අනාවරණය කිරීම මෙතෙක් ඉතිහාසයේ සී.අයි.ඒ සංවිධානයේ විශාලතම රහසිගත තොරතුරු හෙළිදරවු කිරීම යැයි ද විකිලීක්ස් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ජංගම දුරකතන, සන්නිවේදන මෘදුකාංග සහ අනෙකුත් විද්‍යුත් උපාංගවලට අනවසරයෙන් පිවිස දත්තා එක්රැස් කිරීමේ කටයුතුවල යෙදීම සඳහා ඇමෙරිකාවේ සී.අයි.ඒ සංවිධානය භාවිත කළ ක්‍රමවේද මේ අනුව විකිලීක්ස් වෙබ් අඩවිය විසින් අනාවරණය කර තිබේ.
මේ වනවිට විකිලීක්ස් වෙබ් අඩවිය ලියකියවිලි දහස් ගණනක් හෙළිදරවු කර ඇති අතර සි.අයි.ඒ සංවිධානය බ්‍රිතාන්‍ය බුද්ධි අංශය හා එක්ව ස්මාර්ට් රූපවාහිනි වැඩිදියුණු කරන ලද නීරික්ෂණ උපාංග ලෙස යොදාගත් අයුරුත් තොරතුරු එක්රැස් කිරීම සඳහා යොදාගත් අනෙකුත් තාක්ෂණික ක්‍රම සම්බන්ධයෙනුත් මේ ඔස්සේ විශේෂයෙන්ම අවධානය යොමු කර ඇත.

මෙම තොරතුරු අනාවරණය කිරීම් විකිලීක්ස් විසින් ‘වෝල්ට් 7’ යනුවෙන් නම් කරනු ලැබ තිබේ. මෙම අනාවරණය ඔස්සේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජාතික රහස්‍ය සංවිධානවලට ඩිජිටල් යුගයේදීත් තම රහස්‍ය තොරතුරු ආරක්ෂා කරගැනීමේ නොහැකියාව පෙන්නුම් කර ඇතැයි ද විදෙස් මාධ්‍ය පෙන්වා දී තිබිණි.

Related posts

“ලන්ඩනයේ වීදි රුධිරයෙන් නාවනවා.. පල්ලිවල කුරුස ගලවා දමා යුරෝපය ආක්‍රමණය කරනවා” – ISIS ත්‍රස්තයෝ අනතුරුඅගවයි

colombotoday

අමෙරිකාව චීන ජාතිකයින්ට කොවිඩ් සීමා පනවයි

Admin

2020 දී ලංකාව අල්ලන්න ISIS සැලැස්මක් – සිතියම මෙන්න

colombotoday

ආණ්ඩුව පළවාහරිනු.. හමුදා ආණ්ඩුවක් හදා රට බේරා ගනු – උද්ඝෝෂණ ඇරඹෙයි !

colombotoday

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

colombotoday

ස්කොට්ලන්තයේ ඉස්ලාම් සංස්කෘතික කේන්ද්‍රය ගිනිතබා විනාශ කෙරේ

colombotoday