World

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වෙයි

ඉන්දුනීසියාවේ මිරාපි ගිනිකන්ද සක්‍රීය වී තිබේ.

අද (21) දිනයේ අවස්ථා දෙකක දී ගිනිකන්දේ පිපිරීම් සිදුව ඇති අතර ඉන් නිකුත් වූ අළු මීටර් 6000ක් පමණ ඉහළට පැතිර ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගිනිකන්දේ පිපිරීම් සිදුවීමත් සමඟ ඒ අවට ප්‍රදේශයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට ඉන්දුනීසියානු බලධාරීන් පියවර ගෙන තිබේ.

එමෙන්ම ඒ ආශ්‍රිතව ගුවන්ගමන් ද තාවකාලිකව නතර කිරීමට උපදෙස් ලබා දී ඇති බව සඳහන්ය.

ලොව වඩාත් සක්‍රීය ගිනිකඳු අතරට අයත් වන මිරාපි ගිනිකන්ද සක්‍රීයවීමෙන් 2010 වසරේදී පුද්ගලයින් 300කට අධික පිරිසක් ජීවිතක්ෂයට පත් වුණි.

Related posts

ප්‍රබල භූ කම්පනවලින් පීඩා විඳි තුර්කියට ගංවතුරක්

Admin

ඇමරිකාවේ සුක්කානම ඩොනල්ඩ් ට්‍රම්ප්ට

colombotoday

පකිස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයෙන් මියගිය පිරිස 70 දක්වා ඉහළට

Admin

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

colombotoday

පිලිප් කුමරු අභාවප්‍රාප්ත වෙයි

colombotoday

ආර්ජන්ටිනාවත් වසා දමයි

colombotoday