Colombo Today Local News

තනි සිගරට් විකිණීම තහනම්? නව පැකට්ටුවක් හදුන්වා දෙයි?

දුම්පානය අවම කිරිම සදහා තනි සිගරට්ටුව විකිණිමට නොහැකිවන පරිදි නීතිරිති සකස් කිරීම සදහා කැබිනට් අනුමැතිය ලබාගැනීමේ සන්දේශය ලබන සතියේ දී අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කරන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න පවසයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ දුම්පානය අවම කිරිම සදහා දුම්කොළ බද්ද සියයට 90 දක්වා වැඩි කිරිම සහ සිගරට් පැකට්ටුවක් හදුන්වාදීමට ද පියවර ගන්නා බවයි.

දුම්කොළ වගාවෙන් ඉවත්වන ගොවීන් සදහා ලෝක බැංකුවේ සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහයෝගය මත විකල්ප වගා ක්‍රම සදහා ආධාර ලබාදීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා සදහන් කරයි.

සෞඛ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ බුලත්සිංහල රැටියල විද්‍යාලයේ පැවැති සෞඛ්‍ය කඳවුරක් විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

Related posts

රැයක් පුරා පුතුගෙන් පහර කෑ පියෙක් මිය යයි

colombotoday

බෞද්ධ ධර්මය දියුණු කරන්න මහා සංඝරත්නය සමඟ සාකච්ඡා කරනවා. – අගමැති රනිල් කියයි

colombotoday

මුස්ලිම් මන්ත්‍රීවරු ඇමති ධුර ලබා ගැනීම කල්යයි

colombotoday

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

colombotoday

තවත් කහ කිලෝ 21,000ක් ගිනිතබා විනාශ කරයි

colombotoday

SAITM වසා දමන තුරු වෛද්‍ය සිසුන් ඉගෙනීමෙන් ඉවත් වෙයි !!

colombotoday