Colombo Today Local NewsHot News

“සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව මහා විහාරයේ ආශිර්වාදයෙන් ජුනි 30 සෙනසුරාදා

බොදු බල සේනා සංවිධානය විසින් සංවිධානය කරන ලද, මැයි 19 අනුරාධපුර රුවන්වැලි සෑ මළුවේදී පැවැත්වීමට නියමිතව තිබූ “සංඝානුභාවේන – සංගායනාවට කාලයයි” ජාතියේ මහා චීවර පුජාව එදිනට නොපවත්වා ජුනි 30 දින වඩාත් පුළුල් ලෙස අටමස්ථානාධිපති නායකහිමියන් ප්‍රමුඛ අනුරාධපුර මහා විහාරයේ අනුශාසකත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශය සහ බුද්ධශාසන අමාත්‍යාංශයේද සංවිධායකත්වයෙන් සිදු කිරීමට තීරණය කර තිබේ.

බොදු බල සේනා සංවිධානය විසින් මීට ඉහතදී චීවර 6000ක් පුජා කිරීම සඳහා යොදාගන තිබුණු මෙම මහා පිංකම අනුරාධපුර මහා විහාරයේ ආශීර්වාදය සහ අනුශාසකත්වයෙන්  ජාතික පිංකමක් ලෙස චීවර ලක්ෂයක පුජාවක් ලෙස පැවැත්වීමට කටයුතු කෙරේ. මේ පිළිබඳව දැනුවත්කිරීමේ මාධ්‍ය සාකච්චාව  අප්‍රේල් මස 26 වන බ්‍රහස්පතින්දා දින සවස 7ට අනුරාධපුර රුවන්වැලි සෑ විහාරස්ථාන පරිශ්‍රයේදී පැවැත්වුනු අතර එහිදී රුවන්වැලි මහා සෑ විහාරස්ථානාධිපති ආචාර්ය පල්ලේගම හේමරතන නා හිමියන් සහ බොදු බල සේනා මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි කරුණු පැහැදිලි කරන ලදි. මේ අවස්ථාව සඳහා අටමස්ථානාධිපති නා හිමිගේ උපදෙස් මත ථුපාරාමය, මිරිසවැටිය,ලංකාරාමය,ජේතවනාරාමය යන විහාරස්ථානයන්හි නායක හිමිවරුන්ද සහබාගී වී සිටියහ.

Related posts

ඉන්දියාවේදී අත්අඩංගුවට ගත් කොටි නායකයෙක් ලංකාවට පිටුවහල් කරයි !

colombotoday

අස්වැසුම අභියාචනා ලක්‍ෂය පනී… විරෝධතා 6,000ක්

Admin

මාස 10ක් තුළ ලාඳුරු රෝගීන් 1250 ක්..

Admin

ජනපතිගේ දේශමාමක සළුපිලි අස්සේ අන්තගාමී අලි සබ්‍රි රිංගගෙන | අලි සබ්‍රි හදන්නේ රිෂාඩ් බදුර්දීන්ගේ කොඩිය ගන්න

colombotoday

මන්ත්‍රී ජොනී තවත් නඩු හතරකින් නිදහස්

colombotoday

ජිනීවා උණුසුමෙන් මැති සබේ රත් වෙයි. දිනේෂ් සෙංකෝලයත් උස්සන් දුවයි

colombotoday