Colombo Today Local News

ඇමැති 12 කට වාහන ගන්න කෝටි 53ක් වෙන්කරයි

අමාත්‍යවරුන් හත්දෙනකුට, රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනකුට සහ නියෝජ්‍ය ඇමැතිවරු දෙදෙනෙකුට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් පනස් තුන් කෝටි හැත්තෑ නව ලක්ෂ හැට දෙදහස් හත්සිය අනූවක මුදලක් (රුපියල් 53,79,62,790) ඉල්ලන පරිපූරක ඇස්තමේන්තුවක් රජයෙන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩු පක්ෂයේ සංවිධායක අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් මෙම පරිපූරක ඇස්තමේන්තුව සභාවට ඉදිරිපත් කරනු ලැබීය.

2016 අතිරේක ප්‍රතිපාදනය උපයෝජනය නොකළ බැවින් මෙම අමාත්‍යවරුන්ට වාහන ලබා ගැනීම සඳහා අතිරේක ප්‍රතිපාදන සැලසීම සඳහා බදු ද ඇතුළත්ව මෙම මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර ඇති බවද පරිපූරක ඇස්තමේන්තුවේ දැක්වේ.

ඒ අනුව විශේෂ කාර්යභාර ඇමැතිවරයාට වාහනයක් මිලදි ගැනීම සඳහා රුපියල් 4,26,00,000 ක මුදලක්ද විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යවරයාට වාහනයක් මිලදී ගැනීම සඳහා 4,20,00,000 ක මුදලක්ද වාරිමාර්ග හා ජල සම්පාදන කළමනාකරණ අමාත්‍යවරයාට සහ රාජ්‍ය ඇමැතිවරයාට වාහන මිලදී ගැනීම සඳහා රුපියල් 8,60,00,000 ක මුදලක්ද විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ ඇමැතිවරයා වෙනුවෙන් වාහනයක් මිලදී ගැනීම සඳහා රුපියල් 4,10,00,000 ක මුදලක්ද සංචාරක හා ක්‍රිස්තියානි කටයුතු ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 මුදලක්ද උසස් අධ්‍යාපන හා මහාමාර්ග ඇමැතිවරයාට වාහනයක් මිලදී ගැනීම වෙනුවෙන් රුපියල් 4,30,00,000 ක මුදලක්ද තිරසර සංවර්ධන හා වනජීවී ඇමැතිවරයාට රුපියල් 4,30,00,000 ක මුදලක්ද ඉල්ලා මෙම පරිපූරකයෙන් ඉල්ලා ඇත.

ඊට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුවට ඩබල් කැබ් රථ 25 ක් සහ විගණකාධිපතිවරයා සඳහා වාහනයකට කුලී බදු වෙනුවෙන් ප්‍රතිපාදන සැලසීමට රුපියල් හය කෝටි විසි දෙලක්ෂ පනස් දහසක මුදලක් ඉල්ලා ද පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබේ.

Related posts

සම්පත් බැංකුව පිහිටා ඇත්තේ සිංහල බෞද්ධයන් වෙනුවෙන්.. සම්පත් බැංකුවේ හටගත් උණුසුම් තත්වයට ප්‍රතිචාර දක්වමින් නිමල් පෙරේරා කියයි

colombotoday

අගමැතිට එරෙහි විශ්වාස භංගයට කිසිම එජාප මන්ත්‍රීවරයෙකුගේ සහය හිමිවන්නේ නෑ – රවී කරුණානායක

colombotoday

“කෘෂිකර්මයේ නිලධාරීවාදය ඇමතිවරයාවත් ග්‍රහණයට අරන්” – රාජ්‍ය ඇමති විදුරගෙන් චෝදනාවක් !

colombotoday

බැඳුම්කර බෑණා ජනපති කොමිසමටත් වෙට්ටු දමයි..! නීතිපතිගෙන් දැනුම් දීමක්

colombotoday

කොරෝනා ආසාදිතයින් 151 දක්වා ඉහළට

colombotoday

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday