Colombo Today Local News

බීමත් රියදුරන් අල්ලන්න පොලිසිය වෙත Breathalyzer උපකරණ කට්ටල 30,000 ක්

උත්සව සමයේ රිය අනතුරු අවම කිරීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් සදහා සෑම පොලිස් ස්ථානයකටම බීමත් රියදුරන් පරීක්ෂා කරන Breathalyzer උපකරණ කට්ටල 30,000 ක් ලබා දී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

බීමත් රියදුරන් පරීක්ෂා කිරීම සදහා පොලිස් ස්ථාන වලට මෙතෙක් ලබා දී ඇති උපකරණ වලට අමතරව මෙම උපකරණ කට්ටල ලබා දී ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය.

උත්සව සමයේ සිදුවන රිය අනතුරු වලක්වා ගැනීම සදහා බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙහෙයුම් අද (18) සිට රටපුරා ආරම්භ කිරීමට උපදෙස් ලබා දී ඇති බවද අජිත් රෝහණ මහතා පවසයි.

මෙම මෙහෙයුම් වලදී බීමත් රියදුරන් ට අමතරව අධික වාහන නළා ශබ්ද කරන, නොයෙක් ආකාරයේ විදුලි බුබු`ථ දල්වාගෙන ධාවනය කරන රියදුරන් ද අත්අඩංගුවට ගන්නා බවද හෙතෙම කීය.

සාමාන්‍යයෙන් රටතුළ දිනකට රියඅනතුරු වලින් මරණ 10 ක් වාර්තා වන බවත්, කොරෝසා සමයේ ප්‍රදේශ හුදකළා කිරීම, වාහන ධාවනය සීමා කිරීම, ඇතුලු ක්‍රම අනුගමනය කිරීම හේතුවෙන් රිය අනතුරු වල අඩුවක් දක්නට ලැබුණ බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

මේ වන විට රටතුළ රියඅනතුරු පෙර තත්ත්වයට පත්ව ඇති බවත් අද (18) දිනය තුළ පමණක් පුද්ගලයන් 10 දෙනෙක් මියගොස් සිටි බවද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් අප්‍රේල් මස 10 – 20 අතර කාලයේ සහ දෙසැම්බර් මස 20 සිට ජනවාරි මස 05 වැනි දින දක්වා තුළ රියඅනතුරු බහුල වශයෙන් සිදුවන බවද අජිත් රෝහණ මහතා කීය.

මෙම තත්ත්වය වලක්වා ගැනීම සදහා මෙහෙයුම් කටයුතු ආරම්භ කර ඇති බවද අජිත් රෝහණ මහතා සදහන් කළේය.

Related posts

ජෙරම්ගේ පෙත්සම කැඳවීමට දින දෙයි

Admin

රට යනවනම් වැඩියෙන් ගෙවන්න වෙයි… පාස්පෝර්ට් එකත් අද සිට ගණන් උස්සයි

colombotoday

පානදුර රෝහල් මෘත ශරීර ගොඩ ගැසේ. – නරක් වීමෙන් දැඩි දුර්ගන්ධයක්.

colombotoday

රට ශක්තිමත් කළ සැණින් මැතිවරණ වැලක්

colombotoday

එජාපයෙන් අපිව පැන්නුවේ ආණ්ඩුවේ උපදෙස් අනුව සජිත්ගේ වර්ධනය දැක බයවෙලා

colombotoday

වතු කම්කරුවන් වර්ජනයක.. නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද අරඹයි

colombotoday