Colombo Today Local News

කොමිසමේ විකුර්ති කරුණුවලට අපි බය නෑ. අන්තවාදය රටින් අතුගා දානවමයි. | දළදා වහන්සේ පෙනෙන මානයේ සිට ඥානසාර හිමියෝ කියති

මල්වතු අස්ගිරි උභය මහා විහාරයේ ශ්‍රීමත් මහනායක හිමියන් වහන්සේලා මෙන්ම අනුනායක ස්වාමින් වහන්සේලා මුන ගැනිලා අද වනවිට රට තුල කතාබහට ලක්වී තිබෙන පාස්කු ප්‍රහාරය පිළිබඳව සොයා බැලීමට පත්කළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ සිදුකර ඇති විකුර්තිය පිළිබඳව සාකච්ඡා කළ බව බොදු බල සේනා නායක පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඊයේ (8) මහනුවරදී පැවසීය.

ඉතා ඉක්මනින් මෙම වාර්තාව විදිමත් ලෙස අධ්‍යනය කර එකාබද්ධ නිවේදනයක් නිකුත් කරන ලෙස නාහිමිවරුන්ගෙන් ඉල්ලා සිටි බවත් මේ රටේ සියයට 70 කට ආසන්න බෞද්ධ ජනතාවට නායකත්වය දෙන මහනායක හිමිවරු රට තුල ගොඩනැගුනු ජාතික ආගමික හැම අවස්ථාවකදීම උන්වහන්සේලා තම කාර්ය ඉෂ්ඨ කරලා තිබෙන බවත් ඥානසාර හිමියෝ පැවසුහ.

“මේක මහා විපත්තියක්. පාස්කු ප්‍රහාරයෙන් මියගිය දෙසිය හැත්තෑ ගණනට මෙන්ම මේ වාර්තාවේ විකුර්තිය බෞද්ධ සමාජයට අවාසනාවක් කැන්දලා තිබෙනවා. එක නිසා ඒකාබද්ධ නිවේදනයක් ප්‍රධාන නිකායන්ගෙන් රට බලාපොරොත්තු වෙනවා.” යැයි අවධාරණය කර සිටි ඥානසාර හිමියෝ “සත්‍යග්‍රහයකින් අපි මේ වැඩපිළිවෙල 11 වනදා සවස 2ට නිදහස් චතුරශ්‍රයෙන් ආරම්භ කරනවා. දිස්ත්‍රික්කයක් දිස්ත්‍රික්කයක් පාසා ගිහිල්ලා යුග කාර්යයක් ලෙස සලකා ඉස්ලාම් අන්තවාදය නිසා රට වැටුන විපතින් ගොඩ ගන්න සමස්ත සංඝ සමාජය දැනුවත් කරන්න අපි පෙරමුණ ගන්නවා.” යැයි සඳහන් කරන ලදි.

මේ රටේ සිංහලයන් හෝ බෞද්ධයන් තුල අන්තවාදයක් හෝ ජාතිවාදයක් තිබුනානම් මේ රටේ කෝවිල් හෝ පල්ලි හැදෙන්නේ නෑ. අවසානයේදී අපේ මනුස්සකමට පයින්ගහන මේ පාහර බලමුළු සියල්ල එක තලයක තියලා පරාජය කරනවා.

මේ වෙලාවේදී සංඝ සාමග්‍රිය ඉතා වැදගත් බව සඳහන් කල ඥානසාර හිමියෝ ඒ සංඝ සාමග්‍රිය තුලින් සිංහලයන්ට තිබෙන එකම රටත්, අපේ බෞද්ධ අනන්‍යතාවයත් උරුමයනුත් ආරක්ෂා කර ගන්න කටයුතු කරන බව පැවසීය.

කොමිෂන් වාර්තාවේ තිබෙන විකුර්ති කරුණු ගැන කලබල වෙන්නෙ හෝ බයවෙන්නෙ නැති බව පැවසූ ඒ හිමියෝ “අපි එදත් ඇත්ත කතා කළා අදත් කතා කරනවා. ඒ වෙනුවෙන් පෙනී ඉන්නවා විතරක් නොවෙයි මේ අන්තවාදය අතුගාලා දාන්න සියලු බලමුළු රට තුල අපි ගොඩ නගනවා.” යැයි සඳහන් කරන ලදි.

Related posts

අපි විරුද්ධ වුනේ ඉස්ලාමීය අන්තවාදී ආගමික උම්මත්තකවාදයටයි. දැන් ප්‍රබුද්ධ සාකඡ්චාවකට යමු. ඥානසාර හිමි පවසති

colombotoday

සෞඛ්‍ය ලේකම් වෘත්තීය සමිති හදිසියේ කැඳවයි

Admin

අප්‍රේල් සිට උමාඔයෙන් මෙගාවොට් 120ක් ජාතික පද්ධතියට

Admin

අර්ජුන දොට්ට වරාය මංගලට ?

colombotoday

පාද යාත්‍රාව කෙසේ හෝ පැළියගොඩින් නවත්තන්න, ආරක්ෂක අංශවලට ඉහළින් නියෝග !

colombotoday

ජවිපෙ – දෙමළ සන්ධාන හවුල් ආණ්ඩුවක් !!

colombotoday