Colombo Today Local News

පීකොක් මැදුරේ තටාකයේ රත්තරන් නෑ.. පොලීසිය මුට්ටි 2ක් සොයාගනී

කම්කරු පක්‍ෂයේ නායක හිටපු නයිජීරියානු ශ්‍රී ලංකා තානාපති ඒ.එස්‌.පී. ලියනගේ මහතාට අයත් පීකොක් මැදුරේ වැලිවලින් පුරවා තිබූ පිහිනුම් තටාකයේ තිබී මැටි මුට්ටි දෙකක් හා පාවහන් යුවලක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන තිබේ.

එම නිවසේ ඇති පිහිනුම් තටාකයේ හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතාට අයත් මුදල් ඇති බවට මාධ්‍ය වාර්තා පලකර තිබූ අතර, එම වාර්තා නිසා තමාට හානියක් වී යැයි කියමින් එය පරික්ෂා කරන ලෙසට පීකොක් මැදුරේ හිමිකරු ලියනගේ මහතා විසින් පොලිස්පතිවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබිණි.

එම ඉල්ලීමට අනුව කොළඹ අපරාධ කොට්ටාසයේ නිලධාරීන් විසින් අදාල පිහිනුම් තටාකයේ වැලි ගොඩදැමීම ඊයේ (29) පෙරවරුවේ ආරම්භ කළේය.

මුලින්ම මිනිසුන් කිහිපදෙනෙක් යොදා ගනිමින් බාල්දිවලින් වැලිගොඩ දැමීම සිදු කළ අතර පසුව අද (29) පස්වරු 3.00ට පමණ පොලිසිය විසින් බැකෝ යන්ත්‍රයක් ආධාරයෙන් වැලි ගොඩදැමීම කළේය.

පාවහන් යුවල ASPගේද? මහින්දගේද ?

පිහිනුම් තටාකයෙන් සොයාගන්නා ලද පාවහන් යුවල එහි හිමිකරු ලියනගේ මහතාගේ බවට කොළඹ අපරාධ කොට්ටාසයට දැනුම් දුන්නද එය මුද්‍රාතබා පොලිස් භාරයට ගැනීමට කටයුතු කර තිබිණි.

ඒ අදාල පාවහන් හිටපු ජනපතිවරයාගේ බවට වන සැකයක් නිසාය.

මැටි මුට්ටි යම් ශාන්තිකර්මයකට ගෙනෙන ලද ඒවා බව බැලූ බැල්මට දැකගත හැකිවූ බව අප වාර්තාකරු සඳහන් කළේය.

Related posts

‘අතකස’ සංවත්සර සභාවේ ජනපති කවි කියයි

colombotoday

දේශපාලන පන්දමෙන් සෞදි ගිය ‘කුකුළ් කොටු හිමිකරු’ වෙනුවට ‘තානාපතිවරයෙක්’ සෞදියට ඕනෑකර තිබේ

colombotoday

කුඩු පලහිලව්වක් නිසා ගෙටලට පිහියකින් ඇන තරුණයෙක් ඝාතනය කරලා

colombotoday

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

colombotoday

පොලිස් වෙස් ගෙන කොල්ලකෑ කල්ලියක් අත්අඩංගුවට

colombotoday

“සමීප මිතුරෙකු ලෙස අසීරු අවස්ථාවෙන් ශ්‍රී ලංකාවට ඉන්දීය රජයේ උපරිම සහය දෙනවා” – ඉන්දීය විදේශ ලේකම්

colombotoday