Colombo Today Local News

එජාප-ශ්‍රීලනිප ගැටුම සංවර්ධන කමිටුවේත් ඇවිලෙයි.. වරකාපොළ සම සභාපති මේසය උඩ නගී

137c4ea0a63aef57185fe869635cfa61_lවරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුව ඊයේ 13 ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදී රැස්වූ අවස්ථාවේ උණුසුම් තත්වයක් ඇතිවිය.

වරකාපොළ ප්‍රාදේශීය සංවර්ධන කමිටුවේ සම සභාපතිවරුන් වන වාණිජ කටයුතු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස (එජාප) මහතාගේ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දැදිගම ආසන සංවිධායක කීර්තිසිරි විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම ආරම්භ කළ අවස්ථාවේදී කීර්ති සිරි විජේතුංග මහතා සභාව වෙනත් දිනකට කල් තැබිය යුතු බව පවසමින් බාධා කර ඇති අතර ඔහු වරකාපොළ ප්‍රාදේශීය ලේකම්වරයාට පවසා ඇත්තේ තමන්ට හෙට දිනයේ කොළඹ මහාධිකරණයේ නඩු කටයුත්තක් සඳහා අද දිනයේදී කොළඹ යාමට නියමිත බැවින් කමිටු රැස්වීම කල්දමන ලෙසයි.

එම අවස්ථාවේදී ඔහු භික්ෂූන් වහන්සේලා සහ අමාත්‍යවරයා ඉදිරියේ මේසයක් මතට නැග එහි අසුන්ගෙන අශෝභන අයුරින් රැස්වීම පැවැත්වීමට සිය විරෝධය පළ කළේය.

Related posts

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

colombotoday

අද ඩොලරයේ මිල

colombotoday

ඉන්ධන නියාමනය මහජන උපයෝගීතා ⁣කොමිසමට ඉල්ලයි

colombotoday

74 හැවිරිදි සීයා 15 හැවිරිදි මිනිබිරිය ගැබිනියක් කරලා

colombotoday

අර්ජුන් මහෙන්ද්‍රන් මහබැංකු අධිපතිකමට පත්කිරීමේ සම්පූර්ණ වගකීම ජනපතිටයි

colombotoday

පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට නොතීසි

Admin