Colombo Today Local News

ජනපති නිල මෙහෙවර ගාල්ලට… විවාහ නොවූ පවුල් 49ක් ලියාපදිංචි කෙරේ

ස්වදේශ කටයුතු අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘නිල මෙහෙවර‘ ජනපති ජංගම සේවය ගාල්ලේදී පැවැත්විණි.

එහිදී ගාල්ල දිස්ත්‍රික්කයේ විවාහ නොවනු පවුල් 49ක් ලියාපදිංචි කර තිබේ. ඊයේ (14) ගාල්ල ලබුදූව සිරිධම්ම විද්‍යාලයේ පැවති එහි සමාප්ති වැඩසටහනට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ සිටියේ ඇතැම් මංගල උත්සව සඳහා වියදම් කරන මුදල දුටුවිට පුදුම සිතෙන බවයි.

“වියදම් කරලා උත්සව ගත්තට සමහර විවාහ වැඩිකල් පවතින්නේ නැහැ. දැන් මේ විවාහ සංස්කෘතිය දැන් ගොඩක් දුරදිග ගිහිල්ලා“
“අපේ රටේ ඉස්සර ඉඳලා පැවතගෙන ආපු සම්ප්‍රදායයන් තියෙනවා. සංස්කෘතියක් තියෙනවා. සංස්කෘතිය හා සිරිත් විරිත් අමතක කර අපට නොගැලපෙන දේවල් කරා වේගයෙන් ගමන් කිරීමේ ප්‍රවණතාවයක් රට තුළ ඇතිවී තිබෙනවා යයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් පැවසීය.

Related posts

සියලුම වතු රෝහල් රජයට පවරා ගැනීමේ තීරණයක්

colombotoday

මෙරට කොරෝනා ව්‍යාප්තිය වැඩිපුර සිදුවී ඇත්තේ මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූවන් නිසා

colombotoday

මත්පැන් සාදය අවසානයේ සූපවේදියෙක් පඩිපෙළින් වැටී මියගිහින්

colombotoday

ඇමතිකම් වලට පොරකන ආණ්ඩුවකට මම යන්නෙ නෑ. රට වෙනුවෙන් සහයෝගය පාර්ලිමේන්තුව හරහා ලබාදෙනවා.

colombotoday

මරණ දඩුවමට එරෙහිව දුමින්ද සිල්වාගෙන් අභියාචනයක් !

colombotoday

ලාදුරු රෝගීන් වාර්තාවීම ඉහළට

Admin