Uncategorized

මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළේ නෑ – අගමැති

ranil wickramasinghe

“පත්තරවලට පුළුවන්නම් මන්ත්‍රීවරුන් නම් කරන්න ඇයි අපිට මාධ්‍යවේදීන් නම් කරන්න බැරි” යෑයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (29 දා) පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.

අමාත්‍යාංශ නිවේදන යටතේ ප්‍රකාශයක්‌ කළ අගමැතිවරයා “ඊයේ මගේ කතාවෙන් පසුව මේ සභාවේ මන්ත්‍රීවරුන් කියා තිබෙනවා මම මාධ්‍යවේදීන්ට තර්ජනය කළා කියලා. මම තර්ජනයක්‌ කළේ නෑ. එක එක ඒවා පිටුපස ඉන්නේ කවුද කියලා මම නම් කළා” යෑයි කීවේය.

අගමැතිවරයා මෙසේද කීවේය.

“අයිලන්ඩ්” පත්තරේ කොතරම් වැටිලාද කියනවා නම් සිසිර ජයකොඩිවත් දැන් නග්ගලා ගන්නවා. මාධ්‍ය ඇතුළෙන් එන අදහස්‌ තමයි මම කතා කළේ. මාධ්‍යයේත් බමුණු කුලයක්‌ තිබෙනවා. ඒ බමුණු කුලයට තේරෙන්නේ නෑ ඒ අය වසලයන් වී ඇති කියලා. මේ මාධ්‍ය ඇතුළේම ඉන්නවා මාධ්‍ය නිදහස වෙනුවෙන් සටන් කළ අය. ඒ අයගෙන් අහගන්න. මහා බ්‍රහ්මයා එක්‌ක කෑම කාපු බමුණු කුලයෙන් අපිට වැඩක්‌ නැහැ.

Related posts

හමුදා බුද්ධි නිලධාරීන් හෙට විත්ති කූඩුවට… නිදහස ඉල්ලා විරෝධතා පැවැත්වීම තහනම්!

colombotoday

මහින්ද සමරසිංහ සහ රංගේබණ්ඩාර අතර දරුණු ගැටුම් – ජනපතිටත් පැමිණිලි

colombotoday

මෙරට නේවාසිකව රැඳීසිටින බ්‍රිතාන්‍ය ජාතිකයෙකු ගංජා තොගයක් සමග අත්අඩංගුවට

colombotoday

පොලීසියට එරෙහි පැමිණිලි 2400 ක්

colombotoday

රන්ජන් රාමනායක අධිකරණය හමුවට

colombotoday

IPL ගහන්න ආ නවසීලන්ත ක්‍රීඩකකුට කොරෝනා.

colombotoday