Colombo Today Local News

යාපනේ තවත් ඉඩම් කොටසකින් හමුදාව ඉවත් වෙයි

යාපනයේ අච්චුවේලි ප්‍රදේශයේ යුද හමුදාව විසින් භාවිත කළ ඉඩම් අක්කර තුනක් ඒවායෙහි මුල් අයිතිකරුවන්ට භාරදීම සඳහා නිදහස් කොට යුද හමුදාව එම ඉඩම්වලින් ඉවත් වී තිබේ.

එම ඉඩම් ප්‍රමාණය පවුල් නවයක් පදිංචිව සිටි බලපත්‍ර සහිත ඉඩම් බව පසුගියදා අග්‍රාමාත්‍යවරයා යාපනයට ගොස් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පැවැති සාකච්ඡාවේදීද හෙළි වී තිබේ. එම ඉඩම් අයිතිකරුවන්ට භාරදිය යුතු බව සාකච්ඡාවේදී ප්‍රකාශ වීමෙන් පසුව යුදහමුදාව එම ඉඩම්වලින් ඉවත් වී තිබේ.

වසර විසිතුනකට පමණ පසුව එම ඉඩම් නිදහස් කොට, අච්චුවේලි ප්‍රාදේශීය ලේකම්වරයා වෙත භාරදී තිබේ. මේ දිනවල යුද හමුදාව සිය බංකර් හා ගොඩනැඟිලි ඉවත් කරගනිමින් එම ඉඩමෙන් පිටව යෑම ආරම්භ කොට තිබේ.

Related posts

අයහපත් කාලගුණයෙන් 1,500කට අධික පිරිසක් පීඩාවට

Admin

රත්මලානේදී හෙරොයින් සමග සැකකාරියක් අත්අඩංගුවට

colombotoday

පහේ ශිෂ්‍යත්වය අහෝසි කිරීමට ජනපති එකඟයි

colombotoday

කොරෝනාවට එරෙහි ප්‍රතිශක්තිය වඩවන හෙළ ඔසු – ඇමෙරිකාවෙන් සම්මාන දිනූ අපේ වෛද්‍ය මහාචාර්යවරයා හෙළිකරයි!

colombotoday

කිලී මහරාජාගේ “කොටි සිරස” ලේබලේ ගැලෙව්වේ මම – මරික්කාර්ගෙන් පම්පෝරියක්

colombotoday

උතුරු පළාතට නව ආණ්ඩුකාරවරයෙක්

colombotoday