Colombo Today Local News

අර්ජුන මහේන්ද්‍රන්ගේ බිරිද සිංගප්පූරුවේදී අගමැති රනිල් හමුවෙයි..

සිංගප්පූරු සංචාරය අතරතුරදී අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හා හිටපු මහබැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිද අතර හමුවක් සිදුව ඇතැයි එජාප හිතවාදී වෙබ් අඩවියක් වාර්තා කර තිබේ.

අගමැතිවරයා සිංගප්පූරුව වෙත ළගා වීමෙන් අනතුරුව කිහිප වතාවක් ඔහු අමතා අර්ජුන් මහේන්ද්‍රන්ගේ බිරිද කෙසේ හෝ හමුවීමට අවස්ථාවක් ඉල්ලා ඇති බවත්, එසේ හමුවූ ඇය සිය බැණා වන අර්ජුන ඇලෝසියස් කෙසේ හෝ ඇප මත නිදහස් කර දෙන ලෙසත් ඉල්ලා ඇතැයි එම වෙබ් අඩවිය කියා සිටී.

ඇලෝසියස් ඇපලබා එළියට පැමිණීමෙන් අනතුරුව ඉතිරි කටයුතු තමන්ට සිදුකර ගත හැකි බවත් ඒ නිසා කෙසේ හෝ ඔහුට ඇප ලබාගැනීමට මැදිහත් වන ලෙසත් මහේන්ද්‍රන් ගේ බිරිද අගමැතිවරයාගෙන් ඉල්ලා තිබේ.

මේ අතර මහබැංකු බැදුම්කර මගඩියේ ප්‍රධාන චූදිතයා ලෙස නම්කර ඇති අර්ජුන් මහේන්ද්‍රන් මේ වන විට බෙල්ජියමේ බ්‍රසල්ස් හි සිටින බවද එම වෙබ් අඩිය අනාවරණය කර තිබේ.

Related posts

අන්තර්ජාලය හරහා ජනපතිට දුක කියන්න අවස්ථාවක් !

colombotoday

අත්අඩංගුවේ සිටින පොඩි ලැසී ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලයි

colombotoday

පොලිස්පති සී.ඩී.වික්‍රමරත්නගේ සේවා දිගුව අදින් අවසන්

Admin

පුත්තලමෙන් ලක්ෂ 15ක ‍හෙරොයින් හමුවේ

colombotoday

බස්නාහිරින් යන එන අයගේ ඇන්ටිජන් කරන්න පොලිසිය ආවත් සෞඛ්‍ය අංශ නෑ

colombotoday

විද්‍යාපීඨවලට සිසුන් ඇතුලත් කරගැනීමට අයදුම්පත් කැදවයි

Admin