Colombo Today Local News

අන්තර්ජාලය හරහා ජනපතිට දුක කියන්න අවස්ථාවක් !

රජයේ සේවා සැපයීමේ ක්‍රියාවලිය ශක්තිමක් කරමින් මහජන ගැටලු දුක්ගැනවිලි, අදහස් හා යෝජනා ජනාධිපතිවරයා වෙත කාර්ක්‍ෂමව හා සරලව ඉදිරිපත් කිරීමටත් ඊට කඩිනම් ඵලදායි විසඳුම් ලබා දීමටත් පහසුකම් සලසමින් ආරම්භ කළ “ජනපතිට කියන්න” වැඩසටහනේ පරිගණක වැඩසටහන සකස් කිරීම ශ්‍රී ලංකා මොබිටෙල් ආයතනය මඟින් සිදුකර තිබෙන අතර එය නිල වශයෙන් ජනාධිපති කාර්යාලය වෙත භාරදීම පෙරේදා සිදුවිය.

ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ සභාපති කුමාරසිංහ මහතා විසින් ඊට අදාළ ලිපි ලේඛන ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අතිරේක ලේකම් සුනන්ද කාරියප්පෙරුම, විදුලි සන්දේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යාංශ ලේකම් වසන්ත දේශප්‍රිය යන මහත්වරුන් වෙත භාර දෙනු ලැබීය.

මහජනතාවට 1919 දුරකතන අංකය ඔස්සේ රාජ්‍ය තොරතුරු කේන්ද්‍රය ඇමතීමෙන් හෝ වෙබ්, ඊමේල්, තැපැල් යන ආකාරවලින් ජනාධිපති කාර්යාලය වෙත තමන්ගේ පැමිණිලි දුක්ගැනවිලි හෝ යෝජනා ඉදිරිපත් කිරීමේ අවස්ථාව “ජනපතිට කියන්න” වැඩසටහන හරහා ලබා දී තිබේ.

ලැබෙන පැමිණිලි ජනාධිපති කාර්යාලයේ මහජන සම්බන්ධතා අංශයෙන් පරීක්‍ෂා කෙරෙන අතර එහිදී එම පැමිණිලි හා දුක් ගැනවිලි වැඩිදුර කටයුතු සඳහා අදාළ අමාත්‍යාංශ හෝ ආයතන වෙත යොමු කරනු ලබයි.

ඉහත සියලු කටයුතු නව තාක්‍ෂණය යොදාගෙන නිර්මාණය කරනු ලැබූ පරිගණක දත්ත පද්ධතියක් හරහා කාර්යක්‍ෂමව ක්‍රියාත්මක වේ.

Related posts

අප්‍රේල් 21 පාස්කු ප්‍රහාරය : ජනාධිපති කොමිසමේ නිල කාලය දිර්ඝ කරයි

colombotoday

ඉන්ධන බෙදාහැරීම හෙට සිට

colombotoday

උත්සව සමයට විශේෂ ආරක්ෂාවක්

colombotoday

“විශ්වාසභංගයෙන් රවී බේරා ගන්නවා.. ඔහුට ඇත්තේ චෝදනා පමණයි” – එජාපයෙන් සහතියක්

colombotoday

ලබන 25 සිට පළාත් තුළ දුම්රිය ධාවනය ඇරඹෙයි

colombotoday

බදියුදීන් අත්අඩංගුවට ගන්න කියා නියෝගයක් ආණ්ඩුව දීලා නෑ. දැන් පොලිසිය ස්වාධීනයි – ජොන්ස්ටන් ප්‍රනාන්දු

colombotoday