Colombo Today Local News

අනුර කුමාර දිසානායක කේරලයට

ඉන්දියාවේ සංචාරයක නිරත වන ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස අද (08) කේරළ ප්‍රාන්ත රජයේ බලධාරීන් කිහිපදෙනෙකු හමුවීමටත් සැලසුම් කරගෙන සිටී.

ගුජරාට් ප්‍රාන්තයේ පිහිටි එරට අධ්‍යාපන අමාත්‍යාංශයට අයත් තොරතුරු තාක්ෂණ හා නවෝත්පාදන මධ්‍යස්ථානයක් නිරීක්ෂණය කිරීමට එක් වීමටද සැලසුම් කර ඇති බවයි සදහන් වන්නේ.

ඉන් අනතුරුව සූර්ය පැනල විදුලි බලාගාරයක් සහ කෘෂි නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් නිරීක්ෂණය කිරීමට අනුර කුමාර දිසානායක මහතා ඇතුළු පිරිස එක්වීමට සැලසුම් කර ඇත.

ඊයේ දිනයේ පිරිස ගාන්ධිනගර්හි විදාන සභාවේදී ගුජරාට් ප්‍රාන්තයේ ප්‍රධාන අමාත්‍ය බූපෙන්ද්‍රභායි පටෙල් මහතා හමුවිය.

ගුජරාට් ප්‍රාන්තය තුළ දිළිඳුකම පිටුදැකීම සඳහා වූ සංවර්ධන උපායමාර්ග හා ප්‍රාන්ත පරිපාලන ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කළ බවත් සඳහන් වේ.

පසුව ගුජරාට් ප්‍රාන්තයේ කර්මාන්ත අමාත්‍යවරයා සමග ද විශේෂ සාකච්ඡාවකද අනුර දිසානායක මහතා ඇතුළු පිරිස නිරත වී තිබුනි.

ඉන්දියානු රජයේ සංවර්ධන ආදර්ශයක් ලෙස භාවිත කරනු ලබන ගුජරාට් ආදර්ශය පිළිබඳ ඉදිරිපත් කිරීමක් එහිදී සිදුවී ඇතැයි සඳහන් වේ.

Related posts

අලුත් ව්‍යවස්ථාවෙන් රට බෙදෙනවා.. වහා පරාජය කළ යුතුයි – ජනපතිගේ නියෝජිතයා

colombotoday

කටුනායක ගුවන්තොටුපල පිවිසුම් මාර්ගයේ සවිකර තිබු බෝම්බයක් නිෂ්ක්‍රිය කෙරේ

colombotoday

බහාලුමක් කඩා ලක්ෂ 25ක එනසාල් සොරකම් කළ තිදෙනෙකු අත්අඩංගුවට..

Admin

අලුත් අවුරුද්දට පෙර සහන නොලැබුනොත් බේකරි නිෂ්පාදනවල මිල ඉහළට

colombotoday

කුෂ් සමග තරුණයෙක් වැල්ලම්පිටියේදී අත්අඩංගුවට

colombotoday

නිදහස ලැබූ ඤාණසාර හිමියෝ සිරගෙයින් නික්මෙති !!

colombotoday