Colombo Today Local News

අමරවීර ඉවත්වීමට සූදානම්… 16 කණ්ඩායමේ පිරිසක් නැවතත් ආණ්ඩුවට…

සන්ධාන මහලේකම් ධූරය ඕනෑම වේලාවක අත්හැරීමට තමා සූදානම් නමුත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තවත් පක්ෂයකට පූජා කිරීමේ අරමුණෙන් කෙරෙන යෝජනාවලට යට වී එවැනි තීන්දුවක් කිසිවිට ගන්නේ නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් කෘෂිකර්ම ඇමැති මහින්ද අමරවීර මහතා  පවසයි.

ආණ්ඩුවෙන් ඉවත් වූ ශ්‍රී.ල.නි.ප මන්ත්‍රී කණ්ඩායමේ සිටින කීප දෙනෙකු තමාට සන්ධාන ලේකම් ධූරයෙන් අස්වන්නැයි කියන්නේ තනතුරු තන්හාව නිසා යැයි හෙතෙම අවධාරණය කරයි.

ශ්‍රී.ල.නි.ප ඇමැතිවරු 16 දෙනා ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් එක්සත් ජාතික පක්ෂය ශක්තිමත් වීම හැරුණු විට අත් වූ අන් ප්‍රතිපලයක් නැතැයි කී ඇමැතිවරයා අද වනවිට එම කණ්ඩායම තුළ මතවාද තුනක් ක්‍රියාත්මක යැයි  හෙතෙම සදහන් කරයි.

තමන් වැටුණු අමාරුවේ අනෙක් අය ද දැමීමට එහි ඇතැමෙකු උත්සාහ කළ ද එම කණ්ඩායමේ තවත් පිරිසක් නැවතත් ආණ්ඩුවට එකතු වීමට සූදානමින් සිටින්නේ යැයි ද අමරවීර මහතා පැවැසීය.

ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනා ද අතරමංව ඇති අවස්ථාවක ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ආණ්ඩුවෙන් ඉවත්වීමෙන් සිදුවන්නේ පක්ෂය කණ්ඩායම් තුනකට කැඩීම පමණකැයි ද ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

Related posts

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හරීන්ගෙන් ප්‍රකාශයක් ගනියි

colombotoday

විනය විරෝධීව හැසිරෙන භික්ෂූන් සසුනෙන් නෙරපන්න නෛතික බලය ඉල්ලයි

colombotoday

අන්තවාදී සංවිධානවලට තවදුරටත් ඉඩක් නෑ.. ජනතාවට සැබෑ නිදහස ලබාදිය හැක්කේ ආර්ථික-සමාජ උවදුරු දුරලීමෙන්

colombotoday

බොරතෙල් මිලදී ගන්න දිගුකාලීන කොන්ත්‍රාත්තුවක් සිංගප්පූරුවට

Admin

ඩිලන්ත ඉතාලියේදී සිංහ සලකුණ ඉදිරියෙන්ම තබයි.. ලැම්බොගිනියෙන් එක දිනයි (Video)

colombotoday

පවුල් ආරවුලක් විසදන්න ගිය තිදරුමවක් පොලු පහරකින් මරුට

colombotoday