Colombo Today Local Newsextremism & terrorism activities

Colombo Today පුවතින් පසු aljazeera කැළඹෙයි. අලි සබ්‍රි ජාතිවාදය ගැන කිවූ කොටස ඉවත් කර ගනියි

ශ්‍රී ලංකාව අර්බුදයකට මුහුණ දෙන සෑම අවස්ථාවකදීම ජාතිවාදය හිස ඔසවන බවටත් පසුගිය සති කිහිපය පුරා ශ්‍රී ලංකාවේ මුස්ලිම් ජාතිකයන්ට එරෙහි වෛරී ප්‍රකාශ විශාල වශයෙන් නිකුත් කර ඇති බවට ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා Al Jazeera මාධ්‍ය ආයතනය වෙත ලබා දී තිබූ ප්‍රකාශය ඉවත්කිරීමට එම ආයතනය කටයුතු කර තිබෙනවා.

ඒ ජනාධිපති නීතිඥ අලි සබ්‍රි මහතා ශ්‍රී ලංකා රජයේ පාර්ශවය නියෝජනය කරන්නෙකු ලෙස හඳුන්වමින් Al Jazeera මාධ්‍ය ආයතනය වෙත ශ්‍රී ලංකාවට අපකීර්තියක් ගෙන දිය හැකි ප්‍රකාශයක් සිදු කල බවට Colombo Today සිදුකල හෙළිදරව්වෙන් පසුවයි.

කෙසේ වෙතත් Al Jazeera මුලින් වාර්තා කල පුවත අප සතුව ඇත.

Al Jazeera පුවත Trap Town වෙබ් අඩවිය ද වාර්තා කර ඇති අතර අලි සබ්‍රි මහතා පැවසුවා යැයි Al Jazeera වාර්තා කල මුල් පුවත එම වෙබ් අඩවියේ සංශෝදනය නොකර තවමත් පවතියි.

අපගේ අනාවරණයෙන් පසු Al Jazeera පුවතේ අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශය ඉවත් කළා සේ මෙම අනාවරණයෙන් පසුව Trap Town පුවතේ අලි සබ්‍රි මහතාගේ ප්‍රකාශය ද ඉවත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇත.

එම පුවත: https://traptown.com/united-arab-emirates/national/sri-lanka-muslims-face-extra-threat-as-coronavirus-stirs-hate/

Colombo Today වෙබ් අඩවියට අලි සබ්‍රි මහතා සමග කිසිදු පුද්ගලික ගැටළුවක් නොමැති අතර ලෝකය ඉදිරියේ ශ්‍රී ලංකා මාතාව හෑල්ලු කරමින් සිදුකල ප්‍රකාශයක් වාර්තා කිරීම පමණක් අප සිදු කරන ලදි.

කෙසේ වෙතත් එවැනි ප්‍රකාශයක් සිදු නොකලානම් Al Jazeera මාධ්‍ය ආයතනයට විරුද්ධව නීතිමය පියවර ගැනීමේ හැකියාව ඒ මහතාට ඇත.

Al Jazeera විසින් සංශෝදනය කල පුවත

https://www.aljazeera.com/news/2020/05/sri-lanka-muslims-face-extra-threat-coronavirus-stirs-hate-200510183518512.html?fbclid=IwAR2euIjThnBqNpLPT691orDX_kXSwfh_dx6Ndjcq5fZKe0Fu03wKRSYZ65U

අප ඊයේ (12) දින වාර්තා කල මුල් පුවත…

Related posts

පුතා හිරේ දැම්මත් අද සතුටු වියහැකි කාරණාවත් තිබෙනවා – හිටපු ජනපති

colombotoday

IOC සහ සයිනොපෙක් ඉන්ධන මිල ඉහළට

Admin

ඉන්ධන මිළ අදත් වෙනස් වෙයි…

colombotoday

හම්බන්තොට දිස්ත්‍රික්කයෙනුත් කොරෝනා රෝගීන් දෙදෙනෙක්

colombotoday

පස්සරදී බස් රථයක් ප්‍රපාතයකට පෙරලී 7ක් මරුට

colombotoday

තනපටය ගලවා විසිකරන්න කැමතිදැයි රාජිත බුද්ධිනීගෙන් මූණටම අසයි [Video]

colombotoday