28 C
Colombo
9 April 2025
Colombo Today Local NewsUncategorized

රත්වත්තේට එරෙහිව පෙත්සම් ඉදිරිපත් කළ රැඳවියන්ට ආරක්ෂාවක් සපයන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණයෙන් උපදෙස්

රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතාට එරෙහිව මූලික අයිතිවාසිකම් පෙත්සම් ඉදිරිපත් කර ඇති රැඳවියන් 8 දෙනාට ප්‍රමාණවත් ආරක්ෂාවක් සපයන ලෙසට බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරිවරයාට උපදෙස් ලබා දෙන්නැයි, ශ්‍රේෂ්ඨාධිකරණය අද (05)දින නීතිපතිවරයාට උපදෙස් දුන්නේ ය.

ඒ, පසුගිය 12 වනදා රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් අනුරාධපුර බන්ධනාගාරය තුළදී පිස්තෝලයක් එල්ල කර, මරණීය තර්ජනය කළේ යැයි, කියන අනුරාධපුරා බන්ධනාගාරයේ රඳවා සිටින පූබාලසිංගම් සුරියපාලම් නමැති රැඳවියා ඇතුළු පෙත්සම්කාර රැඳවියන් 8 දෙනාටයි.

පෙත්සම්කරුවන් ඉල්ලා සිටින්නේ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා පුනුරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා විසින් පසුගිය 12 වනදා පස්වරුවේ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිරිමැදිරිවල රඳවා සිටි තමන් ඇතුළු රැදවියන් පිරිසක් සිර මැදිරිවලින් පිටතට ගෙන විත් දණ ගස්වා මරණීය තර්ජනය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට නිගමනය කරන ලෙසයි.

එම මුලික අයිතිවාසිකම් පෙත්සම් අගවිනිසුරු ජයන්ත ජයසුරිය, මුර්දු ප්‍රනාන්දු සහ එස් තුරෙයිරාජා යන විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවී ය.

පෙත්සම සම්බන්ධයෙන් ලිඛිත විරෝධතා ලබන 14 වනදා අධිකරණය හමුවේ ගොනු කරන ලෙසට නීතිපතිවරයා ප්‍රමුඛ වගඋත්තකාර පාර්ශවවලට හා පෙත්සම්කාර පාර්ශවයට නියෝග කළ විනිසුරු මඩුල්ල පෙත්සම සලකා බැලීම සඳහා ලබන 21 වනදාට දින නියම කළේ ය.

පෙත්සමේ වග උත්තකරුවන් ලෙස රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ, අධිකරණ අමාත්‍ය අලි සබ්රි, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය සහ අනුරාධපුර බන්ධනාගාර අධිකාරි එච්. ආර් .අජිත් යන මහත්වරුන් නම් කර තිබේ.

Related posts

නිරෝධායන නීති උල්ලංඝනයකර විරෝධතා සංවිධානය කළහොත් නීතිමය පියවරගන්නවා. පොලීසිය කියයි.

colombotoday

රන්ජන්ට බන්ධනාගාර නිලධාරීන්ගෙන් අවවාද

colombotoday

ලංකාවේ පාකිස්ථානු තානාපති කාර්යාලයේ ත්‍රස්ත සාමාජිකයෙක්..? ඉන්දීය බුද්ධි අංශ අනාවරණය කරයි

colombotoday

දළදා මාලිගාවටත් ඉහළින් යන පල්ලියක් හදන්න ගිය අයට මල්වතු අනු නාහිමි කීව දේ – සම්පූර්ණ වීඩියෝව

colombotoday

දියර කිරි ආශ්‍රිත නිෂ්පාදනවල මිලෙහි වෙනසක් වෙන්නේ නැහැ

colombotoday

“හැකිනම් තනි ආණ්ඩුවක් හදා පෙන්නන්න“ – ඇමති සුසිල්ගෙන් එජාපයට අභියෝගයක්

colombotoday