Colombo Today Local NewsTop Stories

හිටපු ඇමති දයා ගමගේගේ දේපළ ප්‍රසිද්ධ වෙන්දේසියේ!

හිටපු රාජ්‍ය අමාත්‍ය දයා ගමගේ මහතාට අයත් බවට කියන ව්‍යාපාරික ආයතන තුනක් වෙන්දේසියට නියමව තිබේ.

මෙම වෙන්දේසිය කොළඹ වාණිජ මහාධිකරණයේ නියෝජ්‍ය පිස්කල්වරයා විසින් පුවත්පත් ඔස්සේ ප්‍රසිද්ධ කළ දැන්වීමකට අනුව, 2025 ජූලි 02 වැනිදා උදෑසන 10.00ට පැවැත්වීමට තීරණය කර ඇත.

මෙම පියවර ගෙන ඇත්තේ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම වෙත අය විය යුතු මුදලක් ආපසු ලබාගැනීමේ අරමුණින් බව පැවසේ. එම සමාගමට ගෙවිය යුතු මුළු මුදල රුපියල් 108,309,342ක් වන අතර, මෙයින් රුපියල් 4,080,000ක් වගඋත්තරකරුවන් විසින් දැනටමත් ගෙවා තිබේ.

ඉතිරිව ඇති රුපියල් 104,229,342ක් ආපසු ලබා ගැනීම සඳහා මෙම වෙන්දේසිය සංවිධානය කර ඇති බව පුවත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.

වාර්තා වන ආකාරයට වෙන්දේසියට නියමිත ආයතන වන්නේ දයා ගෲප් ලිමිටඩ්, දයා ඇපරල් එක්ස්පෝටර් (ප්‍රයිවට්) ලිමිටඩ් සහ ඔලිම්පස් කන්ස්ට්‍රක්ෂන් ප්‍රයිවට් ලිමිටඩ් වන අතර, මෙම ආයතන සඳහා ඇති ආදායම් හා වත්කම් මගින් එම මුදල ආපසු ලබා ගැනීමට බලාපොරොත්තු වන බව දැන්වීමේ සඳහන්ව තිබේ.

Related posts

වන සංචාරක නිවාස සහ කඳවුරු බිම් ආශ්‍රිත සංචාරක කටයුතු තාවකාලිකව අත්හිටුවයි

colombotoday

එජාප-සජබ මහ පාරේ මරාගනී.. දෙපා උඩින් වාහන පදවයි

colombotoday

උදේ පාන්දර රහස් පොලිසිය කඩා පනී.. ඇලෝසියස්-පලිසේන අත්අඩංගුවට ගනී

colombotoday

බහුතරය පෙන්නුවත් රනිල්ට අගමැතිකම දෙන්නෑමයි – ජනපති නැවතත් තහවුරු කරයි…

colombotoday

“සමනළ රුව” ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනට පලන්දයි

colombotoday

රට වෙනුවෙන් සිරබත් කන්න මම සූදානම් – ගෝඨාභය

colombotoday