Colombo Today Local News

ඩෙංගු රෝගීන්ගේ විශාල ඉහළ යෑමක් – ගෙවුණු දින 11ට රෝගීන් 3,200 ක්

මේ දිනවල පවතින වර්ෂාව සහිත කාලගුණයත් සමඟ ඩෙංගු රෝගීන් වාර්තාවීම ඉහළ ගොස් ඇති බවත් මෙම වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 71,000 ක් පමණ හඳුනාගෙන ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකය සදහන් කරයි.

මෙම මස පළමු දින 11 තුළ පමණක් රට පුරා විවිධ ප්‍රදේශවලින් ඩෙංගු රෝගින් 3,200 ක් පමණ වාර්තා වී ඇති බවත් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වැඩි රෝගීන් ද, කොළඹ, කළුතර, සහ යාපනය යන දිස්ත්‍රික්වලින් ද සැළකිය යුතු ඩෙංගු රෝගින් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති බවත් එම ඒකකය කියයි.

නොවැම්බර් මාසය තුළ දී ඩෙංගු රෝගින් 5,416 ක් පමණක් හඳුනාගත් බවත් වර්ෂාව දිගටම පැවතුණ හොත් මෙම මස තුළ එම සංඛ්‍යාව ඉක්මවීමේ අවදානමක් පවතින බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කරයි.

Related posts

ජනාධිපතිවරණය දිනන හැටි ගැන චම්පිකගෙන් ගණිතමය විග්‍රහයක්

colombotoday

කඩු, කිණිසි ආනයනය කළ සැකකරුවන් ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයි පොලිස්පතිට උපදෙස්

colombotoday

ඡන්දය දිය යුතු කෙනා ජනතාව තීරණය කර ඉවරයි – අගරදගුරුතුමා

colombotoday

විජයග්‍රහණයේ හමුදා උත්තමාචාර පෙළපාලිය කෝ ? අවලංගු කළේ ‍ත්‍රස්තවාදීන්ගේ සිත් රිදෙන නිසාද ?

colombotoday

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

colombotoday

සාමාන්‍ය පෙල 10 වසරේ දී, උසස් පෙල 12 වසරේ දී

Admin