Colombo Today Local NewsTop Stories

දින 25ක කාලයක් සඳහා නොරොච්චෝලේ වසා දමයි

නොරොච්චෝලේ බලාගාරයේ තුන්වන ජනන ඒකකයේ නඩත්තු කටයුතු ඊයේ (13) මධ්‍යම රාත්‍රියේ ආරම්භ කිරීම හේතුවෙන් ඒකකය විසන්ධි කර ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රකාශ කර සිටී.

මෙම නඩත්තු කටයුතු සම්පූර්ණ කිරීමට දින 25ක් ගතවනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, මෙම ඒකකය අක්‍රිය කිරීමෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 300ක විදුලි බලයක් අහිමි වන බව ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් සඳහන් කරයි.

වත්මන් වැසි තත්ත්වය හේතුවෙන් එම හිඟය ප්‍රධාන වශයෙන් ජල විදුලිබල උත්පාදනයෙන් සපුරාලනු ඇතැයි මණ්ඩලය බලාපොරොත්තු වන බවද සඳහන්ය.

එසේම නොරොච්චෝලේ තවත් ජනන ඒකක දෙකක් තවමත් ක්‍රියාත්මක වන බැවින් විදුලිබල සැපයුමේ කිසිදු බාධාවක් සිදු නොවන බව ලංකා විදුලිබල මණ්ඩලයේ ප්‍රකාශක ධම්මික විමලරත්න අද කියා සිටියේය.

මේ අතර, පසුගිය මාස එකහමාරක් තිස්සේ නඩත්තු කටයුතු යටතේ පවතින කැලණිතිස්ස ඒකාබද්ධ බලාගාරය ඉදිරි දිනවලදී ජාලයට නැවත සම්බන්ධ කිරීමට අපේක්ෂා කෙරෙන බවද ආරංචි මාර්ග සඳහන් කොට සිටී.

Related posts

උසස් පෙළ විභාගයට දින නියම වෙයි

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන් බූස්ස කඳවුරට !

colombotoday

“මම ජනාධිපතිටත් හිතවත්,බ්‍රිතානයේ පොලිසියට පැමිණිලි කරනවා.” Colombo Today ට Blue ocean සමාගමෙන් බලපෑම්

colombotoday

ගෑස් පිපිරිම සංයුතිය වෙනස්වීමෙන් සිදුවන බවට පැතිර යන පුවත් අසත්‍යක් – කිසිදු තැනක එල්.පී. ගෑස් ටැංකි පිපිරීමෙන් සිදු වු අනතුරු කිසිවක් නැහැ

colombotoday

ළමයින් පැහැරගෙන විකුණන මන්ත්‍රීගේ නිවසින් තවත් ළමයෙක් සොයාගනී

colombotoday

තවත් හඩපට තියනවා.. සේරම එළියට දානවා… පාර්ලිමේන්තුව ගිනියම් කරමින් රන්ජන් සභාව අමතයි….

colombotoday