Colombo Today Local News

ඔලෙත්තෙඩුවායියෙන් මුහුදු ගිය ධීවරයන් තිදෙනෙකු අතුරුදන්

ඉකුත් ඉරිදා මන්නාරම ඔලෙත්තෙඩුවායි මුහුදු තීරයෙන් මුහුදු ගිය ධීවරයින් තිදෙනෙකු නැවත නොපැමිණිම සම්බන්ධයෙන් ඔවුන්ගේ ඥාතීන් විසින් මන්නාරම පොලීසියට පැමිණිලි කර තිබේ.

අතුරුදන්ව ඇත්තේ එස් කොඞ්වින් නැමති 38 හැවිරිදි අයකු, ආර් කන්නන් නැමති 55 හැවිරිදි අයෙකු හා එස් පාන්ඩ්‍යන් නැමති 23 හැවිරිදි ධීවරයින් තිදෙනකි.

ඉකුත් ඉරිදා දහවල් එම ධීවරයින් මසුන් ඇල්ලීම සදහා මුහුදු ගොස් ඇති අතර ඔවුන් මේ දක්වා පැමිණ නැත.

ඒ අනුව අතුරුදන් ධීවරයින්ගේ ඥාතීන් විසින් මේ පිළිබදව නාවික හමුදාවද දැනුවත් කර ඇත.

නාවික හමුදාව සෝදිසිකිරීම් සිදු කළද මේ දක්වා ධීවරයින් පිළිබදව තොරතුරක් ලැබී නැත.

Related posts

සීනි, තෙල්, ලුණු සෞඛ්‍යට අගුණයි.. පාලනය කරන්න ළගදීම බදු වැඩිවෙයි !

colombotoday

ගුරුවරුන්ට විශේෂ දැනුම්දීමක්

Admin

ඝාතන සැලසුම ගැන ජනපතිගෙන් විශේෂ ප්‍රකාශයක්…

colombotoday

වැලිකඩ බන්ධනාගාර කාන්තා අංශයේ කාණුවක් තුලින් තහනම් ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම..

colombotoday

ක්‍රීඩා ඇමති නාමල් ඇතුළු පිරිසකට නොතීසි

colombotoday

වැල්ලවාය, ඇල්ලේවල ඇල්ලේ ගිලි තරුණයින් දෙදෙනෙක් අතුරුදන්

colombotoday