ඊශ්‍රායලය සහ ඉරානය වෙහෙසට පත්ව සිටින නමුත් දෙරට අතර ගැටුම නැවත ආරම්භ විය හැකි බව අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා සිටී.
ඉරානය සමග ලබන සතියේ සාකච්ඡා පැවැත්වීමටද තම පරිපාලනය සැලසුම් කර ඇති බව නෙදර්ලන්තයේ හේග් නගරයේ පැවැත්වෙන නේටෝ සමුළුවට සමගාමීව පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් අමෙරිකා ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබේ.
ඉරාන න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට එක්සත් ජනපදය ප්‍රහාරයක් එල්ල කිරීමටද හේතු වූයේ දෙරට අතර සාකච්ඡා අසාර්ථක වීම නිසා බවත්, එම සාකච්ඡා ලබන සතියේ යළිත් පැවැත්වීමට තම පරිපාලනය සැලසුම් කර ඇති බවත් අමෙරිකා ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටී.