Colombo Today Local NewsTop Stories

ලංකා ගුරු සංගමයේ සභාපතිටත් ආණ්ඩුව ෂොට් එක දෙයි!

ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප්ද නවතාලමින් වැඩ තහනම් කර තිබේ.

මෙම තීන්දුව ලබා දී ඇත්තේ, ඔහු වෘත්තීය සමිති ප්‍රධානියකු බැවින් ගුරු සේවයෙන් නිදහස් කර තිබියදීත්, ඉන් පරිබාහිරව වෙනත් සංවිධානයක් වෙනුවෙන් ජනමාධ්‍යයට අසත්‍ය කරුණු ප්‍රකාශ කිරීම යන චෝදනාව මතයි. මේ සම්බන්ධයෙන් උතුරුමැද පළාත් ප්‍රධාන ලේකම්ගේ NCP/CS/ED/25/3/2(l) හා 20 25.06.02 දිනැති ලිපිය මඟින් ප්‍රධාන අමාත්‍යාංශ ලේකම්ට කළ දැනුම්දීමට අනුව මෙම වැඩ තහනම සිදුකර තිබේ.

ඒ අනුව ඉදිරියේදී මූලික විමර්ශනයක් පැවැත්වීමට යටත්ව ඔහුගේ වැඩ තහනම් කරන බවට උතුරු මැද පළාත් ප්‍රධාන අමාත්‍යාංශ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එච්. එස්. කේ. ජයලත් විසින් ඔහුට ලිඛිතව දන්වා ඇත.

එම ලිපියට අනුව ප්‍රියන්ත ප්‍රනාන්දුගේ වැටුප් නැවැත්වීමටද තීන්දු කොට තිබෙන අතර, ඔහුට අවසරයකින් තොරව විදේශගතවීමද තහනම් කොට තිබේ.

Related posts

මත් උවදුරෙන් දරුවන් මුදාගැනීමට දරුවන්ට පවුරක් බැදි “පවුර”

Admin

ශ්‍රී ලංකන්, සෞදි චීන ගමන් නවතයි !

colombotoday

රංගජීවට ඇප – එමිල් ගැන සලකා බලයි

colombotoday

මාදුගැටේ වැව හැදුවොත් සිංහරාජයට වෙන දේ ගැන යුනෙස්කෝ කණ්ඩායම ඇමැති චමල් රාජපක්ෂට දැනුම් දෙයි

colombotoday

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

Admin

අරණායක තවත් කන්දක් නාය යයි

colombotoday