Colombo Today Local News

‘හරක් කටාගේ’ ගෝලයෙක් කොටවිලදී අත්අඩංගුවට

හිටපු ප්‍රධාන පෙළේ පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන අමිල ප්‍රසන්න හෙට්ටිහේවා හෙවත් ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුකු ලෙස සැළකෙන නඳුන් චින්තක හෙවත් හරක් කටාගේ ගෝලයකු වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී කොටවිල පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට පත්ව සිටින 43 හැවිරිදි පුද්ගලයා මාර්ග සංවර්ධන අධිකාරියේ මාතර මැද්දවත්ත කාර්යාලයේ කාර්යසහායකයකු ලෙස සේවය කරන බවත් අදාල පුද්ගලයාගෙන් ප්‍රශ්න කරමින් සිටින බවත් පොලිසිය පවසයි.

වැලිගම, උඩුකාව ප්‍රදේශයේදී පදිංචිව සිටි ‘සන්ෂයින් සුද්දා’ නැමැත්තා කොටවිල, වරකාපිටිය මහා විද්‍යාල අසළදී පසුගිය 3 වැනිදා වෙඩි ප්‍රහාරයකට ලක්ව මියගියේය.

කොටවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්‍ෂක ආර්. සී. හෙට්ටිආරච්චි මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් වැඩි දුර පරීක්‍ෂණ මෙහෙයවයි.

Related posts

අවසර පත්‍රයට දෙන ඉන්ධන ප්‍රමාණය ඉහළට

colombotoday

සරසවි සිසුවියකගේ මළසිරුරක් බෝඩින් කාමරයක

Admin

උලමා සභාව වහබ්වාදයට අනුව ෆත්වා නිකුත් කරලා. ඥානසාර හිමි කොමිසමට හෙළිකරයි. අහිංසකයින් ලෙස රඟන උලමාගේ හෙළුව.

colombotoday

තමන් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ඥානසාර හිමි ශ්‍රේෂ්ඨාධිකරණයට

colombotoday

දුමින්ද දිසානායකට එරෙහිව විනය  ක්‍රියාමාර්ගයක්

Admin

සේවය නිම කර යමින් සිටි පොලිස් නිලධාරිනියකගේ රන්මාලය කඩාගෙන

colombotoday