Colombo Today Local News

දේශීය ⁣කොරෝනා ඔසුව ආයුර්වේද යෝග සංග්‍රහ කමිටුවේ ලියාපදිංචි වී නැතැයි චෝදනා.

කොරෝනාවට නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කර නැතැයි චෝදනා

දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර කොවිඩ් වෛරසය සඳහා නිෂ්පාදනය කළ දේශීය බෙහෙත් වට්ටෝරුව ආයුර්වේද දෙපාර්තමේන්තුවේ යෝග සංග්‍රාහ කමිටුවේ ලියාපදිංචි කළ එකක් නොවන බව ජ්‍යෙෂ්ඨ පශ්චාත් උපාධි ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා.

එම සංගමයේ සභාපති වෛද්‍ය චමල් ආර්. කුලතිලක පෙන්වාදෙන්නේ එලෙස ලියාපදිංචි නොකළ ඖෂධයක් පිළිගත නොහැකි බවයි.

එමෙන්ම දේශීය වෛද්‍ය ධම්මික බණ්ඩාර ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරයකු ලෙස ලියාපදිංචි වී නොමැති බවත් එවැන්නෙකු මේ ආකාරයෙන් ඖෂධයක් නිෂ්පාදනය කර ප්‍රතිකාර සඳහා යොමු කිරීම ගැටලු සහගත බවත් ඔහු පවසනවා.

යම් ඖෂධයක් නිෂ්පාදනය කිරීමට පෙර නිෂ්පාදනාගාරය සහ ඖෂධ වට්ටෝරුව ලියාපදිංචි කළ යුතු බැවින් එවැනි ක්‍රමවේද කිසිවක් අනුගමනය නොකර නීතිවිරෝධී ආකාරයෙන් මෙය නිෂ්පාදනය කර ඇති බවත් හෙතම සඳහන් කළා.

මේ ආකාරයෙන් නීතිවිරෝධී ලෙස නිෂ්පාදනය කළ ඖෂධය හරහා ජනතාවට අහිතකර ප්‍රතිවිපාකයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධව ආයුර්වේද වෛද්‍යවරුන් ලෙස වගකීම භාර ගැනීමට නොහැකි බවද ආර්. කුලතිලක අවධාරණය කරනවා.

මෙම නිෂ්පාදනය දේශපාලන අධිකාරියේ වුවමනාව මත සිදුකළ හඳුන්වාදීමක් බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Related posts

නව කැලණි පාලමේ කෝටි ගාණක පාඩුවක් වෙලා නැහැ. ඇණ ගලවලා නැහැ..

Admin

සඳ නොපෙනෙයි… රාමසාන් හෙටට කල් යයි

colombotoday

හිටපු නාවික හමුදාපති, හමුදාපතිගෙන් මිලියන 500ක් වන්දි ඉල්ලයි !

colombotoday

ශ්‍රී ලංකා යුද හමුදාව ප්‍රතිසංවිධානයට බ්‍රිතාන්‍යයෙන් නිලධාරියෙක් පත් කරයි

colombotoday

අගමැතිගේ බැදුම්කර ගමනින් එජාපය උදම් වෙයි.. “බය නැති අගමැති” කියා රට පුරා පොස්ටර් අලවයි

colombotoday

මෝටර් රථ දෙපාර්තමේන්තුවත් වැසේ

colombotoday