Colombo Today Local News

පිලිකා රෝගයකට ගොදුරු වූ දෙහිවල සත්තු වත්තේ කෙල්ල මියයයි

දෙහිවල සත්වෝද්‍යානයේ පසුගිය දිනවල වඩාත් කතාබහට ලක්වූ බෙංගාල ව්‍යාග්‍ර පැටවුන් තිදෙනාගේ මව වන “කෙල්ල” නැමති ව්‍යාග්‍ර ධේනුව මියගොස් ඇත.

අකිරා, ඩුමා සහ ලියෝ යන එම පැටවුන්ට ඉකුත් මාර්තු 05 වන දින උපත දුන් කෙල්ල දරුණු පිලිකා රෝගයකින් පීඩා විදිමින් සිටි බව දෙහිවල සත්වෝද්‍යානයේ ප්‍රකාශකයෙක් සදහන් කරයි.

ඇය සත්වෝද්‍යානයේ පශුවෛද්‍යවරුන් සහ සත්ව අංශයේ කාර්‍යය මණ්ඩලයෙන් ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් තිබේ.

පැටවුන්ට ඉතාමත් ආදරණීය මවක් වූ ඇය මිය යනවිට වයස අවුරුදු 15 පමණ විය.

චීනයේ ෂියැංජින් සෆාරි උද්‍යානයෙන් සත්ත්ව හුවමාරු වැඩසටහනක් ඔස්සේ 2008 වසරේදී ශ්‍රී ලංකාවේ දෙහිවල සත්වෝද්‍යානයට ඇය රැගෙන විත් තිබේ.

ඇගේ සිරුර පශ්චාත් මරණ පරීක්ෂණයකට කටයුතු සහ අනෙකුත් පරීක්ෂණ ලක්කිරීමට නියමිතය.

Related posts

ශරීයා මූල්‍යකරණය නීතිගත කරන්න මුස්ලිම් ඇමති පිරිසකට සෞදියෙන් ඩොලර් මිලියනයක අල්ලසක් !

colombotoday

නව ජනපති පත් කර ගැනීම දින හතක් ඇතුළත.

colombotoday

ලක්ෂ 70 ක කහ තොගයක් මාරවිල මුහුදුකටුව වෙරළ තීරයෙදී අල්ලයි

colombotoday

HNDA ඩිප්ලෝමාව උපාධිය හා සම තත්වයට

colombotoday

රන්ජන් ගැන හිත උණු උන මහින්දානන්ද නඩුව ඉල්ලා අස්කර ගනී

colombotoday

වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්

Admin